නීතිය කාටත් එක සමානයි; අසම්මත දේශපාලන සංස්කෘතිය අවසන්! ජනාධිපති
රාජකාරියට බිය නොවන්න; නීති රාමුව ජනතාවට සේවය කිරීමට බාධාවක් කර නොගන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්!
බිලියන 500ක දිට්වා ව්‍යාපෘති දෙසැම්බර් 31ට පෙර අවසන් කරන්න!- ජනපතිගෙන් දැඩි නියෝග කරයි.
දිට්වා සහන ගෙවීම් අවසන් අදියරට: මාතලේ පවුල් සඳහා සියලු දීමනා ගෙවා අවසන්”
ගලේවෙළ – මාතලේ පාරේ දීර්ඝකාලීන ගැටලුවට ජනපතිගෙන් කඩිනම් විසඳුම්
දිට්වා සුළි කුණාටුවෙන් දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අනාගතය රජයේ වගකීමක්! ජනපතිගේ ආදරය!
අධිඅවදානම් කලාපවලින් ජනතාව ඉවත් කිරීම ප්රමුඛයි: මිනිස් ජීවිත වෙනුවෙන් නීතිමය මැදිහත්වීමක්!
තක්සේරු පමාවන් ඉවතට: හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ගෙවීම් වේගවත් වෙයි!
2026 නගර සංවර්ධන සැලැස්ම ඇරඹෙයි: මාතලේ සහ දඹුල්ලට නව පෙනුමක්!
ග්‍රාමීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයෙන් විශේෂ අවධානයක්!
රජයේ මුදල් සැලසුම් සහගතව සහ ඵලදායීව ජනතාව වෙනුවෙන් යොදවමු – ජනාධිපති අනුර කුමාර !
@ දිට්වා ප්‍රතිසංස්කරණයේ බිලියන 500ක ව්‍යාපෘති වසර නිමවීමට පෙර අවසන් කරන්න – ජනපතිගෙන් නියෝග
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව සහ යටිතල පහසුකම් නගා සිටුවීමට රජය වෙන් කළ රුපියල් බිලියන 500ක ප්‍රතිපාදනවලට අදාළ සියලු ව්‍යාපෘති මෙම වසර තුළදීම අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය නිලධාරීන්ට දැඩිව උපදෙස් ලබා දුන්නේය.
අද (12) පෙරවරුවේ මාතලේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිස්ත්‍රික්කයේ සහන සේවා ප්‍රගතිය මෙලෙස සමාලෝචනයට ලක් විය:
පීඩාවට පත් පවුල් සඳහා ලබා දුන් රු. 25,000 සහ රු. 50,000 දීමනා මෙන්ම රු. 15,000 සහ රු. 10,000 සිසු දීමනා ද මාතලේ දිස්ත්‍රික්කය තුළ ගෙවා අවසන් කර ඇත.
දිස්ත්‍රික්කයේ පූර්ණ හානි වූ නිවාස 254ක් සහ අර්ධ හානි වූ නිවාස 3,829ක් වාර්තා වී ඇති අතර, තක්සේරු අවශ්‍ය නොවන සියලු නිවාස සඳහා මේ වන විටත් වන්දි ගෙවා අවසන්ය.
හානියට පත් ඒ සහ බී ශ්‍රේණියේ මාර්ග 16න් බොහොමයක වැඩ අවසන් කර ඇති අතර, දීර්ඝකාලීන ගැටලුවක් වූ ගලේවෙළ – මාතලේ මාර්ගයේ වැඩ කඩිනම් කිරීමට නියමිතය.
මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ නිලධාරීන් නීති රාමුව තුළ සිටිමින් ජනතාවට සේවය කිරීමට බිය විය යුතු නැති බවත්, ධනය හෝ බලය මත නොව නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන නව සංස්කෘතියක් තුළ කටයුතු කරන ලෙසත්ය.
දෙමාපියන් අහිමි වූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සහ අධිඅවදානම් කලාපවල සිටින පවුල් කඩිනමින් නැවත පදිංචි කිරීම රජයේ ප්‍රමුඛතාව බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

