“අපගේ අරමුණ වන්නේ ගොවියාට තමන් වැය කළ ශ්‍රමයට සරිලන සාධාරණ මිලක් ලබා දෙන අතරම, පාරිභෝගිකයාට දේශීය අර්තාපල් දැරිය හැකි මිලකට ලබා දීමයි. මෙය රජයේත් පෞද්ගලික අංශයේත් ඒකාබද්ධ ජාලයක් හරහා ඉතා විනිවිදභාවයකින් සිදු වෙනවා.”

විෂයභාර අමාත්‍ය  වසන්ත සමරසිංහ!  

මෙරට දේශීය අර්තාපල් ගොවියා වසර ගණනාවක් මුහුණ දුන් අලෙවිකරණ අර්බුදයට තිත තබමින්, රජය විසින් සුවිශේෂී මැදිහත් වීමක් සිදු කර ඇත. ඒ අනුව හෙට (මැයි 10) සිට ක්‍රියාත්මක වන පරිදි දේශීය අර්තාපල් අස්වැන්න රජයේ සෘජු මැදිහත් වීමෙන් මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් දියත් කෙරේ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළේ දත්තමය

දේශීය අර්තාපල් කිලෝවක් සඳහා රුපියල් 220.00 ක ස්ථාවර මිලක් ලබා දේ.

සාධාරණත්වය තහවුරු කිරීම සඳහා එක් ගොවියෙකුගෙන් මිලදී ගනු ලබන උපරිම ප්‍රමාණය කිලෝ 1,000 කි.

නුවරඑළිය බ්ලැක්පූල් හි පිහිටි කෘෂිකර්ම සමුපකාර සමිති මධ්‍යස්ථානය.

සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (CWE) හරහා සෘජුවම ගොවියාගෙන් මිලදී ගන්නා මෙම අස්වැන්න, අතරමැදියන්ගේ ලාභාංශ ඉවත් කරමින් “ලංකා සතොස” අලෙවිසැල් ජාලය හරහා සහනදායී මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීමට නියමිතය.

Share.
Leave A Reply