කෘත්‍රිම බුද්ධිය (AI) හරහා නිර්මාණය කෙරෙන ‘ඩීෆේක්’ (Deepfake) තාක්ෂණය මගින් සිදුවන සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය මාධ්‍යයේ විශ්වසනීයත්වයට එල්ල වී ඇති බරපතලම තර්ජනය ලෙස හඳුනාගෙන ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා මහතා පවසයි.

අදට (මැයි 03) යෙදී ඇති ලෝක මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ලසන්ත ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ මෙම තාක්ෂණික ආක්‍රමණය හමුවේ මාධ්‍ය නිදහස සුරැකීම අතිශය තීරණාත්මක වී ඇති බවයි.

මේ තත්ත්වය හමුවේ මෙරට සියලු ප්‍රධාන මාධ්‍ය ආයතන වෘත්තීය මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් දැනුවත් කිරීමේ විශේෂ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාධ්‍ය සංවිධාන මේ වන විට ඒකාබද්ධ වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

තාක්ෂණය මර්දන මෙවලමක් කර ගැනීමට ඉඩ නොතබා එය මාධ්‍ය නිදහස සුරකින පලිහක් කරගත යුතුයි යන්න මෙවර ක්ෂේත්‍රයේ අධිෂ්ඨානය විය යුතු බවද ඔහු අවධාරණය කළේ ය.

Share.
Leave A Reply