අග්‍රාමාත්‍යතුමියගෙන් පණිවිඩයක්! රටේ පැවැත්ම තීරණය වන්නේ ආහාර ස්වෛරීත්වය මතයි!
ගෝලීය අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව! අග්‍රාමාත්‍යතුමියගේ දැක්ම!
ආහාර සුරක්ෂිතතාව – ජාතික ආරක්ෂාවේ සහ ආර්ථික ස්ථාවරත්වයේ පදනම!
ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ කොටසක් – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
රටක ආහාර සුරක්ෂිතතාව යනු හුදෙක් නිෂ්පාදන ක්‍රියාවලියක් පමණක් නොව, එය රටේ ස්වෛරීත්වය සහ ජාතික ආරක්ෂාව තීරණය කරන තීරණාත්මක සාධකයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි.
අද (28) බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පැවැති “සැප්” (SAPP) ජාතික තරුණ කෘෂි – ව්‍යවසායකත්ව ප්‍රදර්ශනය අමතමින් ඇය මේ බව පැවසීය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ ද කීවා ය.
ගෝලීය යුද ගැටුම් සහ වසංගත තත්වයන් හමුවේ සැපයුම් දාම බිඳවැටෙන විට රටක ස්ථාවරත්වය රැකෙන්නේ ආහාර සුරක්ෂිතතාව මත බවයි.
දේශගුණික විපර්යාස හමුවේ කෘෂිකර්මාන්තය මුහුණ දෙන අභියෝග ජය ගැනීමට තරුණ ව්‍යවසායකයින්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි.
කෘෂි ව්‍යවසායකත්වය යනු හුදු මුදල් ඉපයීමක් නොව රට වෙනුවෙන් කරනු ලබන ජාතික මෙහෙවරක් බවයි.
කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රී ලංකා රජය එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

