පරාජය බයේ පළාත් සභා ඡන්දයත් හකුළා ගනී!

එක පළාතක්වත් දිනන්න බැරි බව ජනපති දන්නවා – සජබෙන් දැඩි ප්‍රහාරයක්

වංචා මඩගොහොරුවක ගිලුණු ආණ්ඩුව ඡන්දයටත් බය වෙයි!

සියලු පළාත්වලින් ආණ්ඩුව පරදින බව සහතිකයි – නීතිඥ මහේෂ් පරාක්‍රම

ආණ්ඩුවේ ‘පිරිසිදු’ වෙස්මුහුණ ගැලවෙයි: ඡන්දය පැවැත්තුවොත් අන්ත පරාජයක්!

බිලියන ගණනක වංචා වහන්න ආණ්ඩුව මැතිවරණ මඟහරිනවා – විපක්ෂයෙන් චෝදනා

ආණ්ඩුවේ ගමන පළාත් සභාවෙන් ඉවරයි – සජබ සහකාර නීති ලේකම්

ඡන්දය කල්දාන්න දරන උත්සාහය හෙළි වෙයි

ආණ්ඩුවේ ජනප්‍රියතාව සෝදා පාලුවෙලා – එක පළාතක්වත් දිනන්න බැරි බව ජනපති දන්නවා – සජබෙන් දැඩි ප්‍රහාරයක්!

වත්මන් රජය කෙරෙහි ජනතාව තුළ ඇති වී තිබෙන දැඩි අප්‍රසාදය සහ විශ්වාසය පළුදු වීම හේතුවෙන් ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය දැඩි බියක් දක්වන බවත්, එම මැතිවරණය ද හකුළා ගැනීමට ආණ්ඩුව උත්සාහයක නිරත වන බවත් සමගි ජන බලවේගයේ සහකාර නීති ලේකම්, නීතිඥ මහේෂ් පරාක්‍රම මහතා අද (26) ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා, ආණ්ඩුවේ “පිරිසිදු දේශපාලන” වෙස්මුහුණ දැන් ගැලවී ගොස් ඇතැයි ද අවධාරණය කළේය.

වර්තමාන ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය දැන් සම්පූර්ණයෙන්ම පිරිහී අවසානයි. රටේ පළාත් සභා නවයෙන් එකක්වත් ජයග්‍රහණය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. මේ යථාර්ථය දන්නා ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම දැන් උත්සාහ කරන්නේ පළාත් සභා මැතිවරණය නොපවත්වා මඟහැර යන්නයි. ආණ්ඩුවේ දේශපාලන ගමන අවසන් වන්නේ මේ මැතිවරණයෙන් බව ඔවුන් හොඳින්ම දන්නවා.”

බහලුම් වංචාව, රුපියල් බිලියන 8ක ගල් අඟුරු වංචාව සහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක අතුරුදන් වීම වැනි සිදුවීම් හරහා ආණ්ඩුවේ දූෂිත මුහුණුවර හෙළි වී ඇති බවත්, එම වංචා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා පවා තේරීම් කාරක සභාවට කැඳවීමට කළ ඉල්ලීම් රජය විසින්ම පරාජය කළ බවත් පරාක්‍රම මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය පාලනය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ පළපුරුද්දක් නැති හිතවතුන් උසස් තනතුරුවලට පත් කිරීම නිසා රටේ සම්පත් මංකොල්ලකෑමට “පැලවත්තේ හැකර්වරුන්ට” ඉඩ ලැබී ඇතැයි චෝදනා කළ නීතිඥවරයා, ආණ්ඩුව කෙරෙහි ඇති වී තිබෙන ජනතා අප්‍රසාදය කිසිදු ලෙසකින් සෝදා හැරීමට දැන් හැකියාවක් නැති බව ද සඳහන් කළේ ය.

Share.
Leave A Reply