නීති විරෝධී ධීවර මෙහෙයුම් මැඩීමට නෝර්වේ චන්ද්‍රිකා ඇස ලංකාවට

ධීවර යාත්‍රා නිරීක්ෂණයට නෝර්වේ චන්ද්‍රිකා සහාය අඛණ්ඩව

ශ්‍රී ලංකා ධීවර ක්ෂේත්‍රය නවීකරණයට නෝර්වේ රාජ්‍යයෙන් පූර්ණ සහාය

ලංකාවේ ධීවර යාත්‍රා නිරීක්ෂණයට නෝර්වේ චන්ද්‍රිකා තාක්ෂණය නොමිලේ!

ශ්‍රී ලංකාවේ ධීවර නිරීක්ෂණ කටයුතු සහ නීති විරෝධී ධීවර කටයුතු මර්දනය කිරීම සඳහා නෝර්වේ රාජ්‍යය ලබාදෙන උසස් චන්ද්‍රිකා තාක්ෂණික දත්ත (AIS Data) අඛණ්ඩව සහ නොමිලේ ලබාදීමට එකඟතාව පළ වී ඇත.

නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ එරට ‘බ්ලූ ජස්ටිස්’ (Blue Justice) වැඩසටහනේ ප්‍රධානී ගුනාර් ස්ටොල්ස්වික් මහතා අතර ඔස්ලෝ නුවරදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

මෙම තාක්ෂණය මෙරට ධීවර ක්ෂේත්‍රයට හඳුන්වා දීමට සමගාමීව, ධීවර අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ද අඛණ්ඩව ලබාදීමට නෝර්වේ පාර්ශවය මෙහිදී එකඟ වී ඇත.

ලෝක මට්ටමේ “ආහාර පෝෂණය හා සංයුතිය පිළිබඳ කණ්ඩායමට” (Food Nutrition and Composition Group) එක්වන ලෙස ද ශ්‍රී ලංකාවට නිල වශයෙන් ආරාධනා කර ඇති අතර, ඒ හරහා නාරා (NARA) ආයතනය වැනි පර්යේෂණ ආයතනවලට ජාත්‍යන්තර තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Share.
Leave A Reply