@මාතලේ, අතිරහපිටිය ප්‍රදේශයේදී පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් 64 හැවිරිදි පියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.වත්මන් තත්ත්වය: ඝාතනය සම්බන්ධයෙන් 33 හැවිරිදි පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

@@රුපියල් ලක්ෂ ගණනක හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙක් දැලට

මරදාන සහ මෝදර ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීම් දෙකකදී හෙරොයින් ග්‍රෑම් 346 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මරදාන 53 වත්ත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 246 ක් ද, මෝදර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 100 ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

@@@කාත්තන්කුඩියේදී ලොරි රථයක ගැටී පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට කාත්තන්කුඩි –

කල්මුණ මාර්ගයේ ආරියම්පති ප්‍රදේශයේදී ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ගිය පාපැදියක ගැටීමෙන් දරුණු රිය අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ 40 හැවිරිදි පාපැදිකරු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි අතර, ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

Share.
Leave A Reply