සජබ හා එජාපය එකම මැයි වේදිකාවකට? – මරික්කාර්ගෙන් විශේෂ හෙළිදරව්වක්!

ගල් අඟුරු වංචාව යට ගහන්න සජබ ඉඩ දෙන්නේ නෑ!

ජයකොඩිගෙන් විමර්ශන පටන් ගනු! නැව් 12 ක් ම ප්‍රමිතියෙන් තොරයි!

කෝටි 850 ක මහා විනාශයක් – සජබ මැයි රැලියට එජාපයටත් ආරාධනා!

“ගල් අඟුරු හොරකම ජයකොඩිගෙන් ම පටන් ගනු!”

බාල ගල් අඟුරු නිසා රටට බිලියන 8 ක පොල්ලක්!

සජබ හා එජාපය එකම මැයි වේදිකාවකට? – මරික්කාර්ගෙන් විශේෂ හෙළිදරව්වක්!

ප්‍රමිතිය නැති ගල් අඟුරු නිසා විදුලියට බිලියන 50 ක අමතර බරක්!

වංචාව වහන්න ඇමැති අස්වුණාට බෑ – මුළු කැබිනට්ටුවම වගකිව යුතුයි!

“මදි නොකියන්න හොරු” තේමාවෙන් ආණ්ඩුව පන්නන්න සජබ පාරට බසී!

@ ගල් අඟුරු වංචාව යටගහන්න ඉඩ දෙන්නේ නෑ – මරික්කාර්

ජයකොඩිගෙන් විමර්ශන පටන් ගන්න!

නැව් 12ක ගල් අඟුරු බාලයි – පාඩුව කෝටි 850කට අධිකයි!

සජබ මැයි රැලියට එජාපයටත් ආරාධනා!

බලශක්ති අමාත්‍ය ධුරයෙන් කුමාර ජයකොඩි මහතා ඉල්ලා අස්වූ පමණින් ගල් අඟුරු වංචාව යටපත් කිරීමට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට කිසිසේත් ඉඩ නොදෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අද (22) පැවසීය.

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මෙම මහා පරිමාණ වංචාව පිළිබඳ විමර්ශන වහාම හිටපු අමාත්‍යවරයාගෙන් ආරම්භ කළ යුතු බවද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මහතා මෙසේද කීය.

“කුමාර ජයකොඩි මහතාට එරෙහිව අප විශ්වාසභංගය ගෙන එන විට ගල් අඟුරු නැව් 12ක් මෙරටට පැමිණ තිබුණා. එම නැව් 12ම ගල් අඟුරු ප්‍රමිතියෙන් තොරයි. මේ නිසා සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 8497ක් බව මහජන උපයෝගිතා කොමිසම ගණනය කර තිබෙනවා. මේ වංචාව නිසා සිදුවූ රුපියලක හෝ පාඩුවකට සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතුයි.”

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා විදුලිය ජනනය කිරීමට නොහැකි වීමෙන් ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට රුපියල් බිලියන 40ත් 50ත් අතර අතිරේක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත්, එය ජනතාව මත පැටවූ බරක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

සජබ මැයි රැලිය

මෙවර සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ට සහ අනෙකුත් වෘත්තීය සමිතිවලට විවෘතව ආරාධනා කරන බවත් මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

“අද රටේ ජනතාවගෙන් තුනෙන් එකක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකු වාර්තා කියනවා. සහන දෙනවා කියා බලයට පත්වුණු මේ ආණ්ඩුව අද කරන්නේ වංචා දූෂණ විතරයි. ඒ නිසා මදි නොකියන්න හොරුතේමාව යටතේ අපි ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතාවක් මැයි දිනයේදී පවත්වනවා.” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply