සර්වඥ ධාතූන් වහන්සේ සහ ශ්‍රී මහා බෝධි අංකුරය ඇමෙරිකාවට!
– ලෝක සාමය පතා තායි, ලංකා, ඇමෙරිකා ඒකාබද්ධව දියත් කරන ඓතිහාසික මෙහෙයුමක සමාරම්භය අත්තනගල්ලෙන්!
ලෝක සාමය උදෙසා ජනපති සහභාගීත්වයෙන් දැවැන්ත ධාතු වන්දනාවක්
– අත්තනගල්ලේදී ඇරඹෙන ඓතිහාසික සාම පාගමන ඇමෙරිකාව දක්වා
“සාමය එන්නේ බාහිරින් නොවේ, තමන් තුළින්මයි”
– පුහුණුවකින් තොරව සාමය ලැබිය නොහැකි බව පූජ්‍ය පඤ්ඤාකර හිමි මාධ්‍ය සාකච්ඡාවකදී පවසයි
ධාතුන් වහන්සේ සහ බෝධි අංකුරය ඇමෙරිකාවට: සාමය පතා ලෝකයම යා කරන දැවැන්ත පාගමන ඇරඹේ1
– අහංකාරය අත්හැරියොත් සාමය සිහිනයක් නොවේ – පූජ්‍ය පඤ්ඤාකර හිමි
– තායිලන්තය, ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව එක්වන ඓතිහාසික මෙහෙවරක්
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පමණක් නොව ලෝක බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වහන්සේ සහ ශ්‍රී මහා බෝධි අංකුරයක් ඇමෙරිකා එක්සත් ජනපදය වෙත වැඩම කරවීමේ ඓතිහාසික ‘දස මෙහෙවර’ සාම පාගමන අද (22) ආරම්භ වේ.
අත්තනගල්ල රජමහා විහාරස්ථානයේදී පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ අවධාරණය කළේ, මෙම පාගමනේ මූලික සහ එකම අරමුණ ශ්‍රී ලංකාවට මෙන්ම මුළු මහත් ලෝකයටම සාමය උදා කිරීම බවයි. තායිලන්තයේ සිට පැමිණි මහා සම්මුද්ර සන්නිධි නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් සහ පණ්ඩිත වමල්කිත්ති ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වේ.
සාමය යනු ප්‍රාර්ථනා කළ පමණින් ලැබෙන්නක් නොව, දිනපතා ප්‍රගුණ කළ යුතු අභ්‍යාසයක් බවත් එය තමන් තුළින්ම ආරම්භ විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකා රජය, ජනාධිපතිතුමා සහ මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය හා සහයෝගය මත මෙම කටයුත්ත සිදු කෙරේ.
වෛරය සහ ක්‍රෝධය බැහැර කළ, මනස පිරිසිදු කරගත් පිරිසකගේ මැදිහත්වීමෙන් ලෝකයට බලපෑම් කළ හැකි සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අපේක්ෂාවයි.
ඉදිරි දින 16 පුරා මෙරට ප්‍රදේශ රැසක් ආවරණය වන පරිදි පවත්වන මෙම සාම පාගමනට ආත්මීය වශයෙන් එක්වී සහාය දක්වන ලෙස පූජ්‍ය පඤ්ඤාකර හිමියෝ සමස්ත ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලා සිටියහ.

