ජනෝදානයෙන් රජයට දැඩි පණිවිඩයක්!
පාස්කු ප්‍රහාරයේ සත්‍යය යටපත් කිරීමට හෝ විමර්ශන මන්දගාමී කිරීමට උත්සාහ කරන ඕනෑම බලවේගයකට එරෙහිව රජය දැඩි සුපරීක්ෂාකාරීව සිටිය යුතු බව ‘ජනෝදානය’ සිවිල් ව්‍යාපාරය අවධාරණය කළේ ය.
වසර හතක් පුරා වින්දිතයන් විඳි වේදනාවට අවසානයක් වෙමින්, වත්මන් රජය යටතේ නීතිමය ක්‍රියාවලිය නිවැරදි දිශාවට ගමන් කිරීම පිළිබඳව කතෝලික සභාවේ මෙන්ම ජනතාවගේද විශ්වාසය තහවුරු වී ඇතැයි එම සංවිධානය පවසයි.
මෙම යුක්තියේ ගමන ආපසු හැරවීමට කිසිදු කුමන්ත්‍රණයකට ඉඩ නොදෙන ලෙසත්, නඩු විභාග තවදුරටත් කඩිනම් කරන ලෙසත් ජනෝදානය රජයෙන් ඉල්ලා සිටිමින් නිවෙද්නයක් නිකුත් කර තිබේ.

