අපි ආවොත් විදුලි බිල රුපියල් 30 කින් අඩු කරනවා – සුජීව සේනසිංහ කියයි!
දීලා බැලීමේ ආදීනව මෙන්න රටේ වත්මන් තත්ත්වය සහ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ බංකොලොත්භාවය පිළිබඳ විග්‍රහයක්!
මාක්ස්වාදය ද? දියුණුව ද?: සාපේක්ෂ පොහොසත්භාවය සහ වත්මන් පාලන පද්ධතියේ මතවාදීමය ගැටලු දත්ත සංඛ්‍යා සමිගන් ආණ්ඩුවට පෙන්වා දෙයි!
රනිල්ට වඩා හොඳින් අපට කළ හැකියි! ආර්ථිකය ස්ථාවර කිරීමට එහා ගිය සංවර්ධන සැලැස්මක් සජබ සතුව ඇති බවට කෙරෙන අභියෝගය.
යළිත් ජේ.ආර් – ප්‍රේමදාස – ගාමිණී යුගයක්!දැවැන්ත ව්‍යාපෘති හරහා රට ගොඩනැගීමේ දේශපාලන උපාය මාර්ගය.
ඩීසල් හා ගල්අඟුරු මාෆියාවේ ගොදුරක් වූ ශ්‍රී ලංකාව! ජනාධිපතිවරයා වටා සිටින පිරිසගේ බලශක්ති ග්‍රහණය හෙළිදරව්ව.
විදුලි බිල රුපියල් 30 දක්වා අඩු කිරීමේ සුළං බල මෙහෙයුම!මෙරට මුහුදු සීමාවේ පවතින ගිගාවොට් 60ක සුළං බල විභවය.
කෘතීම බුද්ධිය හා තාක්ෂණය සහ නව ලොවට ගැළපෙන ශ්‍රී ලංකාවක්! ඉන්දියාවේ සීඝ්‍ර දියුණුව හමුවේ ලංකාවට ඇති අවස්ථා.
97%ක සාක්ෂරතාවය සංවර්ධනයේ පදනම කරගමු!මෙරට මානව සම්පතේ ඇති වටිනාකම සහ එයින් ප්‍රයෝජන නොගැනීමේ අර්බුදය.
මාෆියාවෙන් තොර සුළං බලයෙන් සහ නවීන තාක්ෂණයෙන් ලොව දිනන ශ්‍රී ලංකාව: සුජීව සේනසිංහගේ ඉදිරි දැක්ම මෙන්න
පවතින සම්ප්‍රදායික දේශපාලන ක්‍රමය තුළ රට තවදුරටත් ආගාධයකට ඇද දමමින් පවතින බවත්, රට සැබෑ ලෙසම දියුණු කිරීමට නම් වත්මන් රජය වටා සිටින ‘ඩීසල් සහ ගල්අඟුරු මාෆියාව’ වහාම පරාජය කළ යුතු බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය.
කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, විද්‍යාත්මක සැලසුම් මගින් මෙරට විදුලි ඒකකයක මිල රුපියල් 30 දක්වා අඩු කිරීමේ හැකියාව පවතින බවයි.
වත්මන් පාලකයන් වටා සිටින පිරිසක් ඩීසල් සහ ගල්අඟුරු ගෙන්වීම හරහා මහා පරිමාණ ලෙස රටේ මුදල් ගිලගනිමින් සිටින බවත්, එම තත්ත්වය මත ජනතාවට ඉහළ විදුලි බිලක් ගෙවීමට සිදුව ඇති බවත් ඔහු අවධාරණය කළේ ය.
ලංකාව වටා ලෝකයේ ප්රබලතම සුළං ප්‍රවාහයක් පවතින බව පෙන්වා දුන් සේනසිංහ මහතා, එමගින් ගිගාවොට් 60ක පමණ විදුලියක් උත්පාදනය කරමින් විදුලි බිල අඩකට වඩා අඩු කළ හැකි බව පැවසී ය.
ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි වැනි නායකයන් ආරම්භ කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති යළිත් නවීන තාක්ෂණය මෙන්ම කෘතිම බුද්ධිය මුසු කරමින් ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ඔහු කියා සිටියේ ය.
ඉන්දියාවේ ශීඝ්‍ර දියුණුව සමඟ ලංකාව බද්ධ විය යුතු බවත්, අක්කර 4,000ක පමණ කාර්මික කලාප ඇති කරමින් විද්‍යුත් උපකරණ නිෂ්පාදනය හරහා රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
දැන් ජනතාවට තේරෙනවා දීලා බලමු කියන තීරණය කොච්චර භයානකද කියලා. ලංකාවේ මිනිස්සු දක්ෂයි, සාක්ෂරතාව වැඩියි. අපට ඕනේ බොරු කියන වම්මුන් නෙවෙයි, ඇත්තටම වැඩ කරන්න පුළුවන් දූරදර්ශී නායකත්වයක් යැයි ද සුජීව සේනසිංහ මහතා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.

