ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සහ සාමයේ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම අරමුණු කරගත් “සාම වන්දනා” ජාත්‍යන්තර වැඩසටහන, පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව අප්‍රේල් 21 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩසටහනේ සුවිශේෂී සිදුවීම වන්නේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජාත්‍යන්තරය වෙත වැඩම කරවීමයි. අතිපූජ්‍ය පඤ්ඤාකර මාහිමිපාණන් වහන්සේගේ නායකත්වයෙන් සහ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මෙම කටයුතු සිදු කෙරේ.
ජනාධිපති ලේකම් කාර්යාලය, බෞද්ධ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානයේ පූ ර් ණ දායකත්වය ලබා දෙයි.
මෙරට බෞද්ධ උරුමයේ ප්‍රෞඪත්වය ලොවට ප්‍රදර්ශනය කරමින්, සංචාරක ව්‍යාපාරය සහ ජාත්‍යන්තර සබඳතා ප්‍රවර්ධනය කිරීම අරමුණයි.
දෙස් විදෙස් බැතිමතුන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩසටහන, ශ්‍රී ලංකාව සාමයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝකයට හඳුන්වා දීමට ලැබෙන අගනා අවස්ථාවක් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

