ගල් අඟුරු වංචා සොයන්න ජනපති දැමූ කමිටුව ගැන අමාත්‍ය උපාලි පන්නිලගෙන් විශේෂ ප්‍රකාශයක්!

පසුගිය රජයන්ට එල්ල කළ අභියෝගය මුල් කරගත් !

ගල් අඟුරු වංචා ඉතිහාසයම හාරන්න ජනපති කමිටුව පත් කරයි – වැරදි වහන කතාව අසත්‍යයි!

ගල් අඟුරු ගනුදෙනුවේ ඇත්ත සොයන්න ජනපති පත්කළ කමිටුව ගැන ඇමති උපාලි පන්නිල කියූ කතාව මෙන්න,

ගල් අඟුරු විමර්ශන කමිටුව පත්කළේ වැරදි වහන්න නෙවෙයි – අමාත්‍ය උපාලි පන්නිල

ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව පත් කළේ ආණ්ඩුවේ වැරදි වසන් කිරීමට නොවන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා පවසයි.

අද (18) කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පසුගිය රජයන් සමයේදී ද ගල් අඟුරු ආනයනයේදී මහා පරිමාණ වංචා සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇති බැවින්, ඒ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කිරීම රජයේ අරමුණ බවයි.

මීට අමතරව, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ඉල්ලා අස්වීම සහ ඉදිරි ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී අදහස් ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply