අලුත් අවුරුද්ද යනු හුදු උත්සවයක් පමණක් නොවේ; එය අපගේ සේවය වඩාත් ගුණාත්මක ලෙස ජනතාව වෙත ගෙන යාමට ලැබෙන අගනා අවස්ථාවකි. ආචාර්ය නන්දික සනත් කුමානායක  මහතා පැවසීය.

රටේ ඉදිරි ගමන්මග තීරණය කරන ප්‍රධානතම රාජ්‍ය ආයතනය වන ජනාධිපති කාර්යාලය, නව වසරේදී වඩාත් කාර්යක්ෂම හා ජනතාවාදී සේවා සැපයීමක් සඳහා පෙරමුණ ගත යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අවධාරණය කරයි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම් උළෙල අමතමින් ලේකම්වරයා සඳහන් කළේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින සාම්ප්‍රදායික බාධක ඉවත් කර “අලුත් අදහස් හා සැලසුම්” සමඟ ජනතාව වෙත සමීප වන වැඩපිළිවෙළකට සියලු නිලධාරීන් කැපවිය යුතු බවයි.

පසුගිය වසරේ සිදුවූ අතපසුවීම් සහ අඩුපාඩු හඳුනාගෙන ඒවා නැවත සිදු නොවීමට වගබලා ගැනීම, හුදු රාජකාරියකට එහා ගිය, ජනතාවට සැබෑ සහනයක් සැලසෙන පරිදි “අලුත් ආකල්ප” සමඟ කටයුතු කිරීම, අලුත් අවුරුද්දෙන් ලැබෙන සමගියේ සහ සාමුහිකත්වයේ පණිවිඩය රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට යොදා ගැනීම සිදු කරමු යැයි ද ඔහු කීය.

රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ජනාධිපති කාර්යාලයේ කාර්යභාරය තවදුරටත් පුළුල් කළ යුතු බවත්, එහිදී නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය. මෙතෙක් ඉටු කළ සේවය අගය කළ ඒ මහතා, ඉදිරි ගමන සඳහා අවශ්‍ය නව ජවය ලබාගැනීමට මෙම අලුත් අවුරුදු උදාව මනා පිටිවහලක් කරගන්නා ලෙස කාර්ය මණ්ඩලයට ආරාධනා කළේය.

අලුත් අවුරුද්ද යනු හුදු උත්සවයක් පමණක් නොවේ; එය අපගේ සේවය වඩාත් ගුණාත්මක ලෙස ජනතාව වෙත ගෙන යාමට ලැබෙන අගනා අවස්ථාවකි. ආචාර්ය නන්දික සනත් කුමානායක  මහතා පැවසීය.

Share.
Leave A Reply