කළුතර පවුල් 200කගේ අවුරුදු සතුට බලධාරීන් වතුරට දමයි! දින 04ක් තිස්සේ ජලය නැතිව ජනතාව අසරණ වෙද්දී නිලධාරීන් තවමත් නිහඬයි!
දෙල්දූවට ජලය අහිමි අවුරුද්දක්: නෑදෑයින්ට දොර වැසෙයි – බලධාරීන්ට දෑස් වැසෙයි!
අවුරුදු දා වතුර නැතිව දෙල්දූව වතුයායේ පවුල් 200ක් අමාරුවේ: පැමිණිලි ගොඩ ගැසුණත් වතුර බිඳක් නෑ!
අලුත් අවුරුද්දේ ‘දෙල්දූවට’ වතුර නෑ: “අනේ අපේ ගෙවල්වලට එන්න එපා” යැයි ජනතාව නෑදෑයින්ට කියති!
අදට දින 04යි; පවුල් 200ක් දැඩි අසීරුවක – කළුතර බලධාරීන් තවමත් නිහඬයි!
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟ රටම උත්සවශ්‍රියෙන් ඇලලී යද්දී, කළුතර මොරොන්තුඩුව, දෙල්දූව වතුයායේ පවුල් දෙසීයකට අධික පිරිසකට මෙවර අවුරුදු සැමරීමට සිදුව ඇත්තේ උග්‍ර ජල හිඟයකට මැදිවෙමිනි.
පවතින දැඩි ජල අර්බුදය හමුවේ අසරණ වී සිටින එම ජනතාව, තමන් බැලීමට පැමිණෙන ඥාති හිතමිත්‍රාදීන්ට “අනේ මේ වෙලාවේ අපේ ගෙවල්වලට එන්න එපා” යැයි පවසමින් සංවේදී ඉල්ලීමක් කරන තත්ත්වයට පත්ව සිටිති.
පසුගිය 10 වැනිදා සිට අද (14) දක්වා දින හතරක් තිස්සේ ප්‍රදේශයට ජල සැපයුම සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවත්, විශේෂයෙන් වතුයායේ උස්බිම් ප්‍රදේශවල පදිංචි ජනතාව මේ හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින බව ජනතාව අප සමඟ පැවසුහ.
මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ සෑම වසරකම ජනවාරි 01 වැනිදා සහ සිංහල දෙමළ අලුත් අවුරුදු සමය වැනි සුවිශේෂී උත්සව අවස්ථාවලදී බලධාරීන් සිතාමතාම තමන්ට ජලය ලබාදීමට අපොහොසත් වන බවයි.
“අවුරුදු චාරිත්‍ර කරන්න තබා උයා පිහා ගන්නවත් වතුර බිඳක් නෑ. නෑදෑයෝ ගෙදරට ආවොත් සලකන්න විදිහක් නෑ. ඒ නිසාමයි අපි නෑදෑයින්ට එන්න එපා කිව්වේ,” යැයි ප්‍රදේශවාසියෙක් ඉතා කනගාටුවෙන් අප සමඟ පැවසූහ.
මේ සම්බන්ධයෙන් කළුතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු තහවුරු කළේ, දෙල්දූව වතුයාය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ජල සැපයුම පිළිබඳ පැමිණිලි දිගින් දිගටම ලැබෙමින් පවතින බවයි.
එහෙත් ජනතාව පවසන්නේ පැමිණිලි ලැබුණද මේ දක්වා කිසිදු නිලධාරියෙකු විසඳුමක් ලබාදීමට හෝ අවම වශයෙන් බවුසර් මගින් ජලය සැපයීමට හෝ පියවර ගෙන නොමැති බව ද ජනතාව පැවසුහ.
මුළු රටම අවුරුදු කිරි උතුරද්දී, දෙල්දූව වතුයායේ ජනතාව වතුර බිඳක් නොමැතිව වැගිරූ කඳුළු මැද බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු වන තෙක් බලා සිටිති. ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමනී ඔබතුමාගේ කඩිනම් අවදානය යොමුවන්නේ නම් අගනේ ය.

