විදුලි බල මණ්ඩලය හකුලා ගන්නා මහා වංචාව: රට අඳුරට ඇද දැමූ ‘බාල’ ගනුදෙනුව!

බිලියන 40ක් හුළඟේ: නොරොච්චෝල යන්ත්‍ර විනාශයි – ආයු කාලයත් අවසන්!

ලියාපදිංචිත් නැති සමාගමකට ටෙන්ඩරය දීලා: නොරොච්චෝල අක්‍රිය වීමේ බරපතල අනතුරක!

ජනතාවගේ විදුලි බිලෙන් ගැසූ බිලියන 40ක ‘ගල් අඟුරු’ රියැලිටිය!

නොරොච්චෝල මළගම අත ලඟද? බාල ගල් අඟුරු නිසා ධාරිතාව 50%ක් බහී!

කෝප් කමිටුවේදී සියල්ල එළියට: නොරොච්චෝල විනාශ කළ ‘ට්‍රයිඩන්ට්’ රහස!

රටම අඳුරේ තබා බිලියන ගණන් සාක්කුවේ දාගත් ‘ගල් අඟුරු’ මාෆියාව!

නොරොච්චෝල යන්ත්‍ර හූල්ලයි: බිලියන 40ක බාල ගල් අඟුරු ගිලලා!

විදුලියටත් අඳුරට ! නොරොච්චෝල බලාගාරයත් විනාශ කරන මහා ටෙන්ඩර් දූෂණය! සුජීව හෙළි කරයි!

බිලියන 40ක් කාබාසිනියා කර රටම අඳුරට තල්ලු කළ ‘ට්‍රයිඩන්ට්’ මෙහෙයුම!  

නොරොච්චෝලට බාල ගල් අඟුරු දී බිලියන 40ක් ගිලලා!

බලාගාරයේ ආයු කාලය වසර 8කින් කෙටි වෙයි: රටම අඳුරේ වැටීමේ බරපතල අවදානමක්!

මන්ත්‍රී සුජීව සේනසිංහගෙන් බරපතල මහා  අනාවරණයක්!

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර බාල ගල් අඟුරු මිලදී ගැනීම හරහා රුපියල් බිලියන 40කට අධික මහා පරිමාණ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත්, මේ හේතුවෙන් මෙරට බලශක්ති පද්ධතිය දැඩි අනතුරකට ලක්ව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අනාවරණය කළේය.

මෙම මහා දූෂණය හේතුවෙන් මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40ක් සපයන නොරොච්චෝල බලාගාරය ඕනෑම මොහොතක අක්‍රිය වී රටම අඳුරේ වැටීමේ අවදානමක් මතුව ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාරයේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය සියයට 50කින් පමණ පහත වැටී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වසර 30ක් පැවතිය යුතු යන්ත්‍රවල ආයු කාලය මේ වන විට වසර 22 දක්වා අඩු වී ඇති බව ද සඳහන් කළේ ය.

ට්‍රයිඩන්ට් ගනුදෙනුව සහ ටෙන්ඩර් දූෂණය පිළිබදවද කරුණු හෙතෙම ඉදිරිපත් කළේ ය.

මෙම ටෙන්ඩර් ක්‍රියාවලියේදී අවම වශයෙන් ලියාපදිංචියක් පවා නොමැති ‘ට්‍රයිඩන්ට්’ නැමති සමාගමකට ටෙන්ඩරය ලබා දී ඇති බවත්, බලපත්‍ර රහිත පරීක්ෂණාගාර හරහා ගල් අඟුරු ප්‍රමිතිය සහතික කිරීමට කටයුතු කර ඇති බවත් හෙළි වී ඇති බව ද ඔහු කීය .

මෙය සැලසුම් සහගතව සිදුකළ මූල්‍ය අවභාවිතයක් බව ද ඔහු සඳහන් කළේ ය.

කෝප් කමිටුවේදී හෙළි වූ තොරතුරු පිළිබඳවද හෙතෙම කරුණු ප්‍රකාශ කළේ ය.

රජයේ වගකිවයුතු සමහර නිලධාරීන් සහ අමාත්‍යාංශය සිය වගකීම් පැහැර හැර ඇති බව කෝප් (COPE) කමිටු විමර්ශන වලදී ද තහවුරු වී ඇතැයි ද සේනසිංහ මහතා පැවසීය.

රටේ අනාගතය අනතුරේ හෙළන මෙම විනාශයේ සෘජු වගකීම ජනාධිපතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා භාරගත යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Share.
Leave A Reply