රටෙන් තුනෙන් එකකට කෑම නෑ! – දරිද්‍රතාවය දෙගුණයකින් ඉහළට: ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම විදුලි බිල ගෙවන අගාධයක!

ඩොලර් බිලියන 2ක ඔක්සිජන් ලැබුණත් අවදානම තවමත් එලෙසමයි! – 2030 වනතුරුත් ලාංකිකයන්ට දරිද්‍රතාවයෙන් මිදීම සිහිනයක් වෙයිද?

ලෝක බැංකුවෙන් රතු එළියක්: ඉදිරි දශකයේ තරුණ රැකියා දස දෙනෙකුගෙන් හතකට අවදානමක්!

ලංකාවේ වර්තමාන ආර්ථික ගමන්මග තුළ ඉදිරි වසර 10 ක කාලය තුළ රැකියා වෙළඳපොළට පිවිසෙන තරුණ තරුණියන්ගෙන් 70% කටම රැකියා අහිමි වීමේ දැඩි අවදානමක් පවතින බව ලෝක බැංකුව සිය නවතම වාර්තාව මගින් අනතුරු අඟවයි.

වාර්තාවට අනුව මෙරට ප්‍රධාන ආර්ථික සහ සමාජයීය අභියෝග කිහිපයක් මෙසේ ය.

1. රැකියා වෙළඳපොළේ දැඩි අසමතුලිතතාවය

ඉදිරි දශකය තුළ තරුණ තරුණියන් ලක්ෂ 10 ක් රැකියා සොයා වෙළඳපොළට පිවිසීමට නියමිත වුවද, නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරන්නේ නව රැකියා අවස්ථා ලක්ෂ 3 ක් පමණි. මේ අනුව, රැකියා අපේක්ෂිත සෑම තරුණයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුටම සුදුසු වෘත්තියක නියැලීමේ අවස්ථාව අහිමි වනු ඇත.

2. දරිද්‍රතාවය සහ පෝෂණ අර්බුදය

මෙරට ජනගහනයෙන් 33% කට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීමේ හැකියාව දැනටමත් අහිමි වී තිබේ.

2019 දී 11.5% ක්ව පැවති දරිද්‍රතාවය, අර්බුදය හමුවේ 27.5% දක්වා ඉහළ ගිය අතර, එය දැනට 22.3% මට්ටමේ පවතී. ඉදිරි වසර 5 තුළද මෙය 20% ක ඉහළ සීමාවක පවතිනු ඇතැයි පුරෝකතනය කර ඇත.

3. බලශක්ති පිරිවැය සහ විසඳුම්

ආසියාවේ ඉහළම විදුලි බිල්පත පවතින රටවල් අතරට ශ්‍රී ලංකාව එක්ව ඇති අතර, එය ව්‍යාපාරවලට සහ පවුල් ඒකකවලට දැඩි පීඩනයකි. මෙයට විසඳුම් ලෙස 2030 වන විට විදුලි උත්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබා ගැනීමට ලෝක බැංකුව සහාය වීමට නියමිතය.

4. නව පස් අවුරුදු සැලැස්ම (2026 – 2030)

ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලෝක බැංකුව නව උපායමාර්ගික රාමුවක් හඳුන්වා දී ඇත:

මූල්‍ය සහාය: ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක නව ආයෝජන සහ සහනදායී ණය පහසුකම්.

අපනයන ඉලක්ක: 2030 වන විට මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 36 දක්වා දෙගුණ කිරීම.

රජයේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඇගයීමට ලක් වුවද, සාර්ව ආර්ථික අවදානම් තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බවත්, ශ්‍රම වෙළඳපොළ යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කළ යුතු බවත් ලෝක බැංකුව අවධාරණය කර සිටියේ ය.

හ්….හ්…රට කට සැලසුම් සහගත දිසාවකට ගමන් කරවන නායකයෙක්….

Share.
Leave A Reply