රටේ අවධානය මාතරට: මිදෙල්ලවල විහාරය කේන්ද්‍ර කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් මංගල්‍යය උත්කර්ෂවත්ව!
මැයි 27 සිට පුණ්‍යවන්ත “වෙසක් සතියක්” – මුළු රටේම අවධානය මැද කැබිනට් අනුමැතිය.
නිල්වලා තීරයෙන් ඇරඹෙන සදහම් ආලෝකය: රාජ්‍ය වෙසක් උත්සවය මිදෙල්ලවල රජමහා විහාරයේදී!
2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවය මාතර, තිහගොඩ පිහිටි ඓතිහාසික මිදෙල්ලවල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
අද (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, වෙසක් උත්සවයට සමගාමීව මැයි මස 27 වනදා සිට ජූනි මස 02 වනදා දක්වා කාලය “වෙසක් සතිය” ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවූ බවයි.
ඓතිහාසික උරුමයන්ගෙන් පිරිපුන් මිදෙල්ලවල රජමහා විහාරය කේන්ද්‍ර කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම හරහා දකුණු ලකේ ආගමික ප්‍රබෝධය තවදුරටත් වර්ධනය වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. වෙසක් සතිය තුළ දිවයින පුරා ආගමික වැඩසටහන්, තොරණ, දන්සල් සහ වෙසක් කලාප රැසක් සංවිධානය කිරීමට ද සැළසුම් කර ඇත.

