මහකුඹුක්කඩවල (26) පොලිස් වසමේ සොහොන්කල්ම ප්‍රදේශයේ සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල පොලිස් ස්ථානය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 26ක් වූ සොහොන්කල්ම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තම පියා සමඟ නිවසේ මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ ආරවුලක් මත පියා විසින් පොරවකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.මෘත ශරීරය මරණ පරීක්ෂණය සඳහා ආණමඩුව රෝහලට රැගෙන යාමට නියමිතය.

වයස අවුරුදු 63ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මහකුඹුක්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@ බලපත්‍ර නොමැතිව ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට – හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය

2026.03.26 දින පාදුක්ක පොලිස් වසමේ අරුක්වත්ත ප්‍රදේශයේදී හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව ඝාතකාගාරයක් පවත්වාගෙන යාම සහ සත්ව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් වයස අවුරුදු 33, 34 සහ 42 වන අතර පාදුක්ක හා දෙහිඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. ඝාතනය සඳහා රැගෙනවිත් තිබූ ගවයන් 2 දෙනෙකු, පොරවක්, පිහිය 2ක් සහ ලොරියක් පොලිස් භාරයට ගෙන ඇත.පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@ කොටියෙකු සපාකෑමෙන් හිමිනමක් අභාවප්‍රාප්ත වීම – පානම පොලිස් වසම

පානම පොලිස් වසමේ බඹරගස්තලාව ආරණ්‍ය සේනාසනයේ භාවනායෝගීව සිටි හිමිනමක් කොටියෙකු සපාකෑම හේතුවෙන් අපවත්වී ඇත.අපවත්වූ හිමිනම වයස අවුරුදු 43ක් වූ පෙක්ක නායක හිමිනමකි.පානම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

@@@ නීතිවිරෝධී මත් ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට – යක්කල පොලිසිය.

කිරිකිත්නමුල්ල ප්‍රදේශයේදී නීතිවිරෝධී මත් ද්‍රව්‍ය ලීටර් 67ක් (බෝතල් 90ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු වයස අවුරුදු 36ක් වන අතර යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

@බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට – බටවන්තලාව පොලිසිය. බටවන්තලාව පොලිස් වසමේ තැපල්ටන් වත්ත ප්‍රදේශයේදී මැණික් ගරමින් සිටි සැකකරුවෙකු උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

@@@ නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම – පූජාපිටිය පොලිසිය.

ඩීසල් ලීටර් 46ක් සහ කැණීම් උපකරණ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

@@@ බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබා ගැනීම!

මීගමුව, පුදුකුඩිඉරිප්පු සහ හඟුරක්ගොඩ ප්‍රදේශවලදී විවිධ ප්‍රමාණයේ ඩීසල්/ඉන්ධන සන්තකයේ තබාගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

@@@ නීතිවිරෝධී ලෙස ගෙන ආ වියළි කහ තොගයක් පොලිස් භාරයට – දුන්ගල්පිටිය.කිලෝග්‍රෑම් 2970කට අධික වියළි කහ තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.

@@@ රථවාහන අනතුරු

දිවයිනේ විවිධ ප්‍රදේශවල (පෙරාදෙණිය, මාලබේ, නිකවැරටිය, කළුතර, කොපායි, අලව්ව) සිදු වූ රථවාහන අනතුරු කිහිපයකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් ඇති අතර, සම්බන්ධ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය මාධ්‍යස්ථානය.

Share.
Leave A Reply