(ගරු රංගනය- අනුර,සජිත්,දිලිත්)  

අමුඩයාය ගමේ රස කතා (අද කතාව ගෙඩිය)

@අමුඩයාය ගමේ වැට ගෙඩි මෙන්න!

@අමුඩයාය ගමේ අලුත්ම ගෙඩි පුරාණය

ලප අප්පුගේ මාලිමා ගෙඩිය සහ සජිත් පුතාණෝගේ හුරේ ගෙඩිය!

අමුඩයාය ගමට තවත් සතියක් උදා  වූයේ ය.අමුඩයට මුල් තැන දුන් පරම්පරාවක උරුමක්කාරයන්වන ගමේ අප්පුහාමිලාගේ ප්‍රධානියා වුයේ අප්පුහාමිය.අප්පුහාමිගේ දු දරුවෝ 12දෙනෙකි. එතනා බිරිද මෙන්ම අප්පුහාමි ද මේවන විටත් ගම ගෙදර ජීවත්වන අතර අප්පුහාමිගේ දු දරුවෝ කරදඩු උස් මහත් වී ගම මෙන්ම රටේ විවිධ ප්‍රදේශව ජීවත් වේ.

මේ අප්පුහාමි හා එතනාහාමිගේ දු දරුවෝ  අතරේගත් කළ කිය වෙන කතාන්දරය සත්තකින්ම අන්දරයක් නොව අන්දර වැටකි.ගෙඩි වැටකි.ගෙඩි වැලකි.ගස් ගෙඩි ද නැතුවාම නොවේ.

අමුඩයාය ගමේ මංසන්ධියේ අද මහා ගෙඩි සංදර්ශනයකි. ලප අප්පු තම මාලිමා ගෙඩිය කරකවමින් “දූෂිත ගෙඩි ඔක්කොම කුණු කූඩයට” යැයි මොරගාද්දී, සජිත් පුතාණෝ “හුරේ… මේ බලන්න මගේ හුරේ ගෙඩිය, මේකෙන් තමයි රටේ දුප්පත්කම නැති කරන්නේ” කියමින් ස්මාර්ට් ගෙඩි බෙදන්නට විය.

මේ දෙන්නාගේ ගෙඩි බෙදාගැනීම දෙස බලා සිටි අප්පුහාමි, “ඔය මොන ගෙඩියත් ඉඳෙන්න කලින් කන්න ගියොත් බඩයනවා” යැයි කියමින් අමුඩය තද කරගත්තේය.

දිලිත්ගේ පොල් රොටි ගෙඩිය සහ ව්‍යවසායක ගෙඩි වෙදකම!

දිලිත් පුත්තරයා මේ දිනවල අමුඩයාය ගමට අලුත් ගෙඩි වර්ගයක් හඳුන්වා දී ඇත. ඒ “පොල් රොටි ගෙඩියයි”. “අමුඩ ගහපු අප්පුහාමිලාටත් තරු පේන්න ව්‍යවසායක ගෙඩි දෙන්නම්” කියමින් ඔහු වර්ණවත් ගෙඩි තොරණක් බැඳගෙන සිටී. ගමේ තරුණ අප්පුලා “පොල් රොටියද ගෙඩියද ලොකු?” කියා හිතමින් තවමත් ඔලුව කහමින් සිටිති.

මැදපෙරදිග ගෙඩි යුද්ධය සහ තෙල් ගෙඩියේ ගින්දර!

අප්පුහාමිගේ පුවත්පත් අප්පු කොළඹ සිට පණිවිඩයක් එවීය.

මැදපෙරදිග දිශාවේ ලොකු ගෙඩි යුද්ධයක් ඇවිලී ඇත. ඒ ගෙඩි පිපිරෙන ශබ්දයට අමුඩයාය ගමේ තෙල් ගෙඩියටත් ගින්දර ඇවිලී තිබේ.

“තෙල් ගෙඩිය හිස් වුණොත් කුඹුරේ ට්‍රැක්ටර් ගෙඩියත් නතර වෙනවා” යැයි කියමින් අප්පුහාමි තම බඩ ගෙඩිය දෙස බලා සුසුමක් හෙළුවේය.

රටේ ආර්ථික ගෙඩිය දැන් සරුංගලයක් මෙන් උඩ යන්නේ නැතිව, බිම වැටුණු බෙලි ගෙඩියක් මෙන් කුඩු පට්ටම් වී ඇති බව කාටත් රහසක් නොවේ.

රටේ අවුල: ගෙඩියට ඉහළින් පාත් වන හෙණ ගෙඩි!

දෛනික ජීවිතයේ බදු බර නිසා ජනතාවට දැන් පාන් ගෙඩියක් කනවා තබා හිතන්නටවත් නොහැකිය. පාලකයන්ගේ “සව් භාග්‍යයේ ගෙඩිය” දැන් “අවුල් ගෙඩියක්” වී හමාරය. අමුඩයාය ගමේ ලියන අප්පු වන මට හැඟෙන්නේ, මේ හැම ගෙඩියක්ම එකතු වී අන්තිමට ජනතාවට පාත් වන්නේ “හෙණ ගෙඩියක්” බවයි.

මාර රස්නෙයි කී පත්තර අප්පු ලප ඇති රතු හුණ්ඩුව ගෙන උනු වතුර කෝප්පයක්ම උගුරට හලා ගත්තේ ශරිර කූඩුවම සිසිල් කර ගන්නටය.

පළමු කාතාව  හමාරයි…ආසනම් දිගටම කියවන්න මෙන්න කතාව අනුර සමග රට පෙර ට දිග කතාව කියවන්න …..

@ ගෙඩියේ පරණ කතා පුරාණය ඒ් කාලයේ ගෙඩියේ කතාව මෙන්න  

ගඩා ගෙඩි කඩන්නට අප්පුහාමිලා මහ මූකලානට යති!

අප්පුහාමි අමුඩය ඇඳගෙන තවත් අප්පුහාමිලා කිහිප දෙනෙකු සමඟ කුඹුරේ නියර දිගේ හේනට ගාටන්නට වූහ.හේනේ වැඩ හමාර කළ අප්පුහාමිලා ගඩා ඩෙි කඩන්නට මහ මුකලානට පිටත් වූහ.

ගෙඩියේ ගුණ මල්ල කිහිල්ලෙන් නෑරේ ගඩා ගෙඩි ගී රසය මෙන්න!

බොවිටියා,දං,ඕලු ගෙඩි,මොනර පෙනන්,පබ ගෙඩි,නලල් බටු,කරඹ,ඇඹිල්ල, එරමිණියා,කිරිල්ල,ලෝලු,හිඹුටු,ගදපාන,අඹුල්පේර,මසං,පැනි මොර,කෝං, කොට්ටං,කජු පුහුලං,බකිනි,පලු,වීර,පිනි ජම්ඹු,ජම්ඹු,චීන පේර,වෙරලු,වැල් කොහිල ගෙඩි,මී අඹ,අටඹ,වැල,වරකා,නමිනම්,කැලැනාරං,ලොවි,උගුරැස්ස, සියඹලා,කොහොල්ලැ ලාවුළු,මාදං,එළ දං,කිරළ,අට්ටික්කා,පලුකන්,ආදිය කඩා ගනිමින් ගෝනි වලට දමා ගත්තේ මේවාගේ ගුණ හොදින් දන්න නිසාය.

අලියා දෙව්ලොව ගිය කතාව ගෙඩි පිටින්ම එතනාහාමි කී ගම කතාව දන්නවාද?

අප්පුහාමිගේ සියාතු පුත්තරයාගේ කිරි අප්පුලා ගඩා ගෙඩි කන්නට කෑදරයෝ ය.අප්පුහාමි මහ මූකලානට ගොස් ගඩා ගෙඩි කඩාගෙන එනතෙක් සිය සියාතු පුත්තරයාගේ කිරි අප්පුලා අටදෙනාට ගම ගෙදර බලා සිටියෝ ය. අප්පුහාමි කෙනෙක් අලියාගේ නැට්ටේ එල්ලි දෙවිලොව ගිය කතාව ගෙඩි පිටින්ම කියා දෙමින් සිටියා ය.

පහළ වෙලේ අරුම පුදුම ගෙඩියේ කතාව දන්නවාද!

පහළ වෙලේ ගෙදර යායේ කුඹුරේ ගොයම් අලි කෑවාට ගමේ තියෙන වංගෙඩි බැන්ද කතාව කියා දුන්නේ නේය.එතකොට අලියාගේ වලිගයේ එලීලා දිවිය ලෝකයේ ගියේ කිරි අප්පුලා පුතාලාගේ කිරි කෑ මුත්තා තමයි කියමින් එතනා ආතම්මා  තේ කහට බොන්නට වතුර මුට්ටිය ලිපේ තැබුවා ය. 

යාය විහාරයේ කඨිණ ගෙඩිය මෙන්න!

කඨිණ පිංකම නිසා යාය විහාරයේ වැඩ මේ දිනවල වැඩිය යාය විහාරයේ ලොකු හිමියෝ අප්පුහාමිගෙ ලොකු පුත්රයා ය.දැන් රටේ නායකයන්ට ජනතාව අන්ඳනවා නායකයෝ රටේ ජනතාව අන්ඳනවා.මේකට අලුත්ම කතාන්දරය තමයි ගෙඩි පෙන්වා ඇන්ඳ වීම කියමින් කඨිනාංශ සතියේ දහම් දේශනාව ආරම්භ කළහ.

ඉස්ගෙඩියන් නොදන්නා ඇස් ගෙඩියෝ කව්ද බොලව්!

ඔලු ගෙඩි,මොළ ගෙඩි තිබුනාට වැඩක් නෑ මොලේ ඔලුවේ තියෙන්න උවමනායි.හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙන ගැහිලද මිනිසුන්නේ කියමින් ගෙඩිය හදුනා ගන්න බැරි නායකයෝ මොන කෙන් ගෙඩියක් කතා කරනවාද කියමින් අප හිමියේ සතියේ බණ දේශනය හමාර කළහ. 

සාදිරිස් යක දුරු අප්පුගේ ගෙඩි ගුරු කම බලගතුය.

සාදිරිස් පුත්තරයා අප්පුහාමිගේ යකඳුරු පුත්තරයාය.ඒකා මේ දිනවල පුහුල් ගෙඩි කපා අණ වින කොඩි විණ සිදුකරමින් ගෙඩි තොරන බැඳ ගෙඩි ගුරුකම් කරන්නේ ය.ඔලු ගොඩි වල අල ගෙඩි වාගේවත් මොලයක් රටේ අප්පුහාමිලා ට නෑ.උගණ්ඩා තෙල ජීවත් කරන්නට ගඩා ගෙඩි තටු හතක් උවමනා කරනවා.

අලි වලිගයේ කෙන්දකට මතුරා ජීවන් කළාම නොපෙනී යන්නට හැකියි.මේ දිනවල රටකරවන මැති ඇමතිලා මේ අලි කෙදි ගුරුකට වශීවෙලා ඥානක්කා ලඟට යන්නේ නැතිව මා හමුවන්නට එනවා කියමින් තම ගෝලයා වූ කොට්ටෝරු අප්පුට කියමින් දේවාලය පැත්තට ගාටන්නට විය.   

ගෙඩි රෝහල තුළ ගෙඩි පිටින් ඔසු හිඟ වෙයි!

ලෝක මොළ ගෙඩි දිනය අදයි!

අමුඩ රටේ මොළ ගෙඩි නැති අප්පුහාමිලා තමයි වැඩියෙන් සිටින්නේ.ඒ සම්බන්ධව ලෝක මොළ ගෙඩි දිනයේ දි අනාවරණය වී තියනවා යැයි කියමින් අප්පුහාමිගේ දොස්තර පුත්රයා ගැමි රෝහලට ගමන් කරන්නට විය.

අමුඩයාය ගමේ ගෙඩි වෙදා නොදන්න ගෙඩි වෙද කම……

හෙළ වෙද පරම්පරා ගත් විට ඒවා ද වර්ග කිහිපයක් තියනවා. මෙහි දී ගෙඩි වෙදකම වැදගත් වෙනවා.රටේ ගෙඩි වෙද්දු තමයි වැඩි ගෙඩිය හදුනා ගන්න බැරි තරමට ගෙඩි වෙද්දු සිටින නිසා ගෙඩියට යන එන තැනැක් නැති වෙලා.

සව් භාගයේ ගෙඩියට අත.සිරිකොත හරහා ආසියාවේ සේද මාවත එක ගෙඩියට හැරමිටි පානය එක්ව නැගිටිමු……

දෛනික ආහාර වේලෙහි ගෙඩි ආහාරයට ගන්න.රට කර වු සමහර අප්පුහාමිලා  සව් භාගයේ ගෙඩිය දුන්නා, තවත් සමහරු ඇට අටක් සහිත ගෙඩි දුන්නා.සමෘද්ධි ගෙඩිය තවමත් මේ රෝගින්ට නිර්දේශ කර තියනවා.ජනසවි ගෙඩියද ගත්තාට අගුණයක් නෑ.

ලප අප්පු රතු හුණ්ඩුව තුමා අස්වැසුම ගෙඩිය: “සමෘද්ධිය ගලවා අලුතින් බැඳපු අස්වැසුම අමුඩය.”

හාල් සේරුවේ ගෙඩිය: “හඳෙන් හෝ හාල් ගේනවා යැයි කී පැරණි ගෙඩි කතා.”

පොහොර ගෙඩිය: “ගොවියාගේ අතට එන්නට පෙර මගදීම කුණු වී ගිය පොහොර ගෙඩිය.” අමුඩයාය ගමට පාත් වූ සහනාධාර හෙණ ගෙඩි ය බව කියමින් නෙළුම් කුළුනට නැග මැදපෙරදිග යුද ගෙඩිය දෙස බලමින් දියවන්නාවේ දී අනුර සමඟ පෙර ගෙඩිය කියමින් රතුලප අප්පු ජාතිය ඇමතුවේ ය.

දැන් මේ රෝගින් අද ඉදලාම තම ආහාර වෙිලට ගෙඩි එකතු කර ගන්න.එතකොට වායු ගෙඩි,බඩේ ගෙඩි,බඩ වැලේ ගෙඩි ආදි කොට උඩගෙඩ වලින් පෝෂණ තත්ත්වය ඇති වෙනවා කියමින් රෝගින්ට උපදෙස් දුන්නේ ය.

එක ගෙඩියයි! කුසලහාමි ගේ ගෙඩි වල්ලම ගොඩ වෙයි!

එතනාහාමි හා අප්පුහාමිගේ පවුලේ එකම දියණිය වූයේ කුසලහාමිය.ඇයට හැට පැනලාය.නමුත්,ඇය හැටට හැටේ ගමන් කරන්නේ කළු ගොනා බැඳි කරත්තයෙනි.

තෙල් පුරස්නය අපිට නෑ කියමින් ෂෙඩ් ඒක ගාව දී කළු ගොනාගේ නැට්ට කරකවා මිරිකුවේ ය. කරත්යේ වේගය වැඩි විය.

ඇය මේ දිනවල ගෙඩි විකුනන්නේය. ඒ ගෙඩි අතර එක ගෙඩි වලට මේ දිනවල ඉල්ලුම වැඩිය.ඒ වංගෙඩිය.වල වංගෙඩි,එල වංගෙඩි,බේත් වංගෙඩි,අත් වංගෙඩි,බුලත් වංගෙඩි ලාභයි ගෙඩි තුනක් ගත්තොත් එක ගෙඩියක් නොමිලයේ කියමින් පුවක් ගෙඩියක් දෙන්නට ඇය අමතක නොකරන්නේය.

ගෙඩි විෂය භාර ඇමති ගෙඩි වගාවට උඩුගෙඩි දෙයි!

අප්පුහාමිගේ පනින අප්පු පුත්රයා හැමදාමත් ඇමතිය. ඒ නිසා මේකාට රටම කියනුයේ පනින ඇවිදින පගා ඇමතියා කියලා ය. රටේ පිනට පහළ වු අකමැති ජනපතිගේ ලඟම හිතවතෙක් වු පනින අප්පු නව කැබිනට් රතු හුණ්ඩුව ආණ්ඩුවේ ගෙඩි විෂය භාර ඇමති ය.

කෙන්ගෙඩි,ඉටි ගෙඩි රටපිට පටවයි!

රටේ ඇම තැනම ගෙඩිය.මේ ගෙඩි රට පිට පටවන්න හැකි නම් ඩොලර් නැව් පිටින් ගෙන්නට හැකියි.කෙංගෙඩිය හා ඉටිගෙඩිය වලට සුද්දෝ වශී වෙලා ඉල්ලුම වැඩියි. මේ ගෙඩි මැදපෙර දිග යුද්ධයට භාවිත කරන්නට හැකියි.

22 ව්‍යවස්ථාවට කමිටු ගෙඩියක් පත් කර තියනවා.

විපක්ෂයේ මන්ත්‍රී ඈයෝ දන්න කෙංගෙඩියක් නෑ උන් දන්න මොන ඉටි ගෙඩියක්ද කෙංගෙඩිය (කෙම්ගෙඩිය).මෙව්වා ගම් මට්මින් වගා කළ හැකියි. කෙම් ගෙඩි වගාව සරුවටම වගා කළ හැකියි. 22 ව්‍යවස්ථාවට කමිටු ගෙඩියක් පත් කර තියනවා. ලෝකයේ යුද ගෙඩිය අපි කිරි කැකිරි ගෙඩියක් බවට පත් කරනවා කියමින් රියදුර බූරුවාට කීවේ මැදපෙරදිග පාරේ වේගයෙන් යමන් සහෝද බූරුවා කියමින් ය.

ගුරු තරුව ගුරු ගෙඩිය මෙන්න!

ඉස්කෝල පුත්තරයා ගමේ ගමේ පාසලේ මුල් ගුරු වරයා ය.සුපරුදු පරිදි දවසේ උදා රැස්වීමට ගෙඩි කතාව කියා දෙන්නට ඉස්කොල ගුරු අප්පු කටයුතු කළේ ය. තෙල් නැති නිසා පාසල් වහන්න වෙනවා කියමින් ගල් ලෑල්ලේ q.R ඇන්දේය.

ඇපල් ගෙඩිය හොර ගෙඩිය අයි ටී පන්තිය!කොළ ඇපල් මෙන්න!

ආදම් සහ ඒවා ගේ තහනම් ඇපල් කතාව මම මේ කිරි අප්පුලාට කියා දී තියනවා.අයි ඇපල් සම්බන්ධයෙන් ලැප්ටොප් තියන පරිගණක තාක්ෂණය දන්න ළමයිට අයි ටී පන්තියේ දි කියා දී තියනවා.උගුරෙ හිරවෙච්ච ඇපල් ගෙඩියේ ළමා සුරඟන කතාව කිරි සප්පයා හොඩියේ පන්තිවලදී මම කියා දී තියනවා.පරිභෝජනයට නුසුදුසු ඇපල් තියනවා ඒ කොළ, රතු ඇපල් හරියෑ..

නිව්ටන් අප්පුගේ ගෙඩි නියමය හා හාවා හා බෙලි ගෙඩිය.

රට පිට හිටියා නිවුටන් ඇපල් අප්පු කෙනෙක් ඒකා තමයි නිවුටන් ඇපල් සොයා ගත්තේ.මේ අමුඩ ගමේ හාවෙක් තමයි නිවුටන් ඇපල් ගෙඩියේ රහස සොය ගන්න කලින්,බෙලි ගෙඩිය වැටෙන හුටප්පරය සොයා ගෙන ලෝක සම්මානයක් ගත්තේ.දැන් මේ කිරි අප්පුලා හිතා ගන්න උවමනායි.

අධ්‍යාපන සංවර්ධනයට ඉහළ පන්තිවල ළමයි උපදෙස් මන්දු කරනවා!

තමාගේ අං තට්ටව,තමාගේ වලිය,තමාගේ මොල ගෙඩිවලට මේ දැනුම් ගෙඩි ගෙඩි පිටින් ගිලලා ධාරණය කර ගන්නට හරියෑ කියමින් පාසල් සංවර්ධනයට අවශ්‍ය උපදෙස් ගන්නට නගරයේ පාසලක ලොකු පන්තිවල ළමයි හමුවන්නට ඉස්කෝල අප්පු ගියේ ජනපති ලප රතු අප්පු තුමාගේ උපදෙස් පරිදිය.

පාලකයන්ට හෙණ ගෙඩි! හොර ගෙඩියා වගේ ඉන්නවා!

අප්පුහාමිගේ කොළඹ පත්තර කන්තෝරුවක වැඩ කරන පත්තර අප්පු තම සති අඟ විශේෂාංග ලිපිය ලියන්නට වූයේ අපි නොදන්න ගෙඩිය ගැනය.

රටේ ජනතාවට පාලකයෝ ගහ පෙන්වා ගෙඩි නෙලා ගන්නා වු කාලයක ගෙඩි පිටින්ම රට පාලනය කළ කරන කරන්නට මාන බලන ගෙඩි අප්පුහාමිලා ගෙඩි පිටින්ම හොරකම් කරනවාය.

අල්ලස්,නොමිස් ගෙඩි පිටින්ම ගන්නට ඒ අයට අමුතුවෙන් කියා දෙන්නට උවමනා නැත්තේ ය. පාලකයන්ගේ මොළ ගෙඩිවලට රැවටෙන්නේ ජන්ද දෙන අල ගෙඩියක් වගේ වත් මොල ගෙඩියක් නොමැති මනාප කාරයෝ ය. ගිරේට අසුවූ පුවක් ගෙඩිය මෙන්  ජනතාව කරදර වල අඩුවක් නැත.ජනතාවට බදු පිට බදු නිසා පාන් කියා පාන් ගෙඩියවත් කියා ගන්නට නොහැකිය.බදු බර නිසා බඩ ගෙඩිය හිස්වන තරමට ජනතාවට පාලකයෝ හෙණ ගෙඩි පාත් කර ඇති බව දැකිය හැකිය.

බැල ගෙඩි වැළ ගෙඩි අප්පච්චිට එක ගෙඩි යයි!

සියාතුවා අප්පුහාමිගේ පුත්තරයකි. ඒකා පවුලේ බාලම හාදයාය. දුප්පත්ම ඒකා ඒකාය.ඒකා බැල ගෙඩිය ගන්නේ පොල් ගස් වලට ගොඩ වී පොල් කඩන විටය.දැන් බැල ගෙඩියටත් බැල්ම දමන්නට බඩ ගෙඩියෝ ඉන්නවාය කියමින් ගෙඩි වල්ලම බිම ගෙලුවේය.වලු සියයක් බිම හෙළවත් අප්පච්චිට එක ගෙඩියයි කියමින් සියාතුවා වැළ ගෙඩියක් කැඩුවේ කිරි අප්පුලාට කන්න දෙන්නටය.

අන්තරයේ අරගල ගෙඩිය පැහෙන්නට පෙර ඉඳුනා ද!

අප්පුහාමිගේ කැම්පොස් පුත්තරයාගේ අරගල ගෙඩිය මේවන විට ඉදිලාය. අන්තරයට යන්තරයක් වාගේ පන්නරය දෙන්නට මේවන විට අන්තර සඟයන් එක්ක නව අරගල ගෙඩියකට අර අදින ඒකා අන්තර ගෙඩිය තුළින් රට ගෙඩිය පෙරලන්නට අලුත් රටක් ලොවක් ගැන හිතමින් පොල් ගෙඩි තරමට ලොකු අකුරින් සටහන් පාඨ ලියන්නට විය.

මැදපෙර දිග යුද ගෙඩිය වහා නතර කරණු…කියා සිංහලෙන් ලියා විදෙස් තානාපති කාර්යාලය අසල බංකු බංකු රැළිය පැවැත්වූහ.

රා ගෙඩි හා බෙර ගෙඩි මෙන්න!

කලගෙඩි නැටුමට බෙර ගෙඩි වලට නද දෙන ගමේ රටේ පාලන අප්පුලා මේ දිනවල  දඩ,බඳු  අය කරන වාය කියමින් හීන් අප්පු පළාතටම සුරා පානය ලබා දෙනවාය.

අප්පුහාමි ලබු ගෙඩියට තිත තබා ලබ්බේ ඉරක් ඇන්ඳේ ඇයි!

දිය වන්නා මහ ගෙදර මහා තොයිලයකි.කපුටා වන්නමට අලි ගුරා අඩව් අල්ලනවාය.කල ගෙඩි තරමට බඩ ගෙඩි ඇති ගුරු අප්පලා බෙර ගෙඩිවලට තඩි බානවාය.ලඹු ගෙඩියේ තොයිලය වාගේ මැති ඇමති හොර ගෙඩියෝ දුම්ල කීරි ගසමින් රට ගෙඩියට පේවත් කරන්නට වූහ.

එක්වරම බෙර ගෙඩි පැලෙන්නට වූහ.දිය වන්නා තොයිල් ගෙදර නැටු නැටුමක් නැත බෙර ගෙඩිවල පලු ද නැතිය කියමින් අමුඩයාය ගමේ අප්පුහාමි ලබු ගෙඩියට තිත තබා ලබ්බේ ඉරක් ඇන්දේ ය.

සිදුව තිබුනේ අරුමයකි. මැදපෙර දිග මිසයිල ගෙඩියක් වැරදිලා බෙරය පසාරු කරගෙන සිරිකොත හරහා ටිං ටිං සිල්වාගේ පැළවත්ත පක්ෂ කාර් යාලය දෙසට ඇදෙමින් තිබිණි….

අමුඩයාය ගමේ සිට ලියන අප්පු ලියන තවත් අන්දරයකින් ලබන සතියේද හමුවෙමු.මෙයට, ලියන අප්පු  නිමල් අල්ගෙවත්ත 0772503491

Share.
Leave A Reply