කොළඹ: දිවයින පුරා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් හමුවේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පරීක්ෂා කිරීමට අවශ්‍ය උපකරණ රෝහල් පද්ධතිය තුළ දැඩි ලෙස හිඟ පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කළේ ය.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසන්නේ ‘අයිස්’ සහ විෂ මත්පැන් වැනි ද්‍රව්‍ය ශරීරගත වී ඇත්දැයි තහවුරු කිරීමට යොදාගන්නා පරීක්ෂණ කට්ටල (Test Kits) නොමැතිකම හේතුවෙන් අධිකරණ වෛද්‍ය වාර්තා නිකුත් කිරීමේ ගැටලු මතුව ඇති බවයි.

