“පෙබරවාරි 26 සිට මාර්තු 13 දක්වා වුණේ මොකක්ද?” – ඉරාන නැව් සිද්ධියේ ඇත්ත කතාවෙන් විජිත හේරත් විපක්ෂය අන්දමන්ද කරයි!

🛑විපක්ෂයේමඩප්‍රහාර නොසන්සුන් ! ලෝක බලවතුන් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බඳගනී!

විපක්ෂය අන්දමන්ද කළ විජිත හේරත්ගේ පාර්ලිමේන්තු ප්‍රහාරය: “ලෝකයම අපට අත්පොළසන් දෙද්දී විපක්ෂයට දරාගන්න බෑ!”

කොළඹ – මාර්තු 19 දින පාර්ලිමේන්තු  මාධ්‍ය මැදිරියේ සිට …

– ලෝක බලවතුන් හමුවේ ශ්‍රී ලංකාව නොසැලෙන සහ අභීත තීන්දුවක් ගෙන ඇති බවත්, එම එඩිතර ක්‍රියාමාර්ගය දරාගත නොහැකි වූ විපක්ෂය පදනම් විරහිත මඩ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ගිගුම් දෙමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විපක්ෂය නැඟූ ප්‍රශ්නවලට දැඩි ස්වරයෙන් පිළිතුරු දුන් අමාත්‍යවරයා, රජයේ “සූක්ෂම සහ බුද්ධිමත්” රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙත ලෝකයේම පැසසුමට ලක්ව ඇති බව අවධාරණය කළේය.

කාල සටහන දිග හරිමින් විපක්ෂය කොටු කරයි!

ඉරාන නැව් පැමිණීම සම්බන්ධයෙන් විපක්ෂය ගෙන ගිය දුර්මත බිඳ දමමින් අමාත්‍යවරයා සිද්ධි දාමය මෙසේ හෙළි කළේය:

පෙබරවාරි 26: ඉරාන නැව් පැමිණීමට අවසර ඉල්ලීම.

පෙබරවාරි 28: කලාපීය යුද්ධය ආරම්භ වීම.

මාර්තු 04: ප්‍රහාර එල්ල වීම.

මාර්තු 09 – 13: නැව් පැමිණීමට නියමිතව තිබූ කාලය.

“අපි ජාත්‍යන්තර නීතිය අකුරටම රකිමින් කටයුතු කළා. යුද්ධයේ කිසිදු පාර්ශ්වයකට සහාය දෙන්නේ නැතිව, රටේ ආරක්ෂාවත් ජාත්‍යන්තර සබඳතාත් දෙකම අපි රැකගත්තා.” යැයි ඔහු පැවසීය.

“කුඩා රටක් වුණත් අපි යෝධයෙක් වගේ නැගී සිටියා”

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ අසමබර යෝජනාවකට එරෙහිව ශ්‍රී ලංකාව ගත් ස්ථාවරය ගැන අමාත්‍යවරයා මහත් අභිමානයෙන් කරුණු දැක්වීය. “අසමබර යෝජනාවලට පක්ෂ වීමට තරම් අපි කොන්ද පණ නැති ජාතියක් නෙවෙයි. අපි කුඩා රටක් වුණත්, ජාත්‍යන්තර වේදිකාවේදී හරි දේ වෙනුවෙන් පෙනී සිටින්න බය වුණේ නැහැ.”

බලවතුන් සියල්ල ශ්‍රී ලංකාව සමඟ!

රජය කිසිදු පාර්ශ්වයකට ගැති නොවන බව ද ඔහු කීය.

ඇමරිකාව හා බටහිර: සර්ජියෝ නෞකාව ආවේ රහසින් නොවන බවත්, විනිවිදභාවයෙන් යුතුව ඇමරිකාව සමඟ ගනුදෙනු කරන බවත්ය.

චීනය, ඉන්දියාව සහ රුසියාව: රටට අවශ්‍ය තෙල් සම්පත ලබාදීමට මේ සියලු බලවතුන් රජය සමඟ සුබවාදීව අත්වැල් බැඳගෙන සිටින බවයි.

විපක්ෂයට සැර අනතුරු ඇඟවීමක්

“අපි ඉරානය එක්කත් ඉන්නවා, ඇමරිකාව එක්කත් ඉන්නවා. ඒක තමයි අපේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවය. රටට විරුද්ධ කිසිදු මතයකට අපි ඉඩ දෙන්නේ නැහැ,” යැයි පවසමින් අමාත්‍යවරයා සිය කතාව අවසන් කළේ විපක්ෂය නිරුත්තර කරමිනි.

Share.
Leave A Reply