ජාතික ඉන්ධන බලපත්‍රය (National Fuel Pass) හෙවත් QR කේතය ලබා ගැනීමේදී ලියාපදිංචි වීමට අපහසුතා පවතින පුද්ගලයින් සඳහා සහය වීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් විශේෂ WhatsApp සහාය සේවාවක් ආරම්භ කර තිබේ.
ලියාපදිංචි වීමේදී විවිධ තාක්ෂණික හෝ දත්ත ගැටලු පවතින පාරිභෝගිකයින්ට 076 000 19 19 යන WhatsApp අංකය හරහා දැන් සෘජුවම අදාළ සහාය ලබා ගත හැකිය.
ලියාපදිංචි වීමට අවශ්‍ය ලියකියවිලි
මෙම සේවාව හරහා ලියාපදිංචි වීමට බලාපොරොත්තු වන අය පහත සඳහන් ලේඛනවල පැහැදිලි ඡායාරූප අදාළ අංකයට යොමු කළ යුතුය:
වාහනයේ ලියාපදිංචි අංකය.
අයිතිකරුගේ හැඳුනුම්පත (NIC), රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය.
වලංගු ආදායම් බලපත්‍රය.
වාහන ලියාපදිංචි සහතිකය (CR පොත).
මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත්තේ වාහනයේ ලියාපදිංචි අයිතිකරුට පමණක් බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එමෙන්ම, මහජනතාව විසින් ලබා දෙන සියලුම තොරතුරු සහ පෞද්ගලික දත්ත, 2022 අංක 9 දරණ පෞද්ගලික ආරක්ෂණ පනතට අනුකූලව ඉතා සුරක්ෂිතව හසුරුවන බව ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

