ධීවර කර්මාන්තයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක නව ඉන්ධන සැපයුම් වැඩපිළිවෙළ ධීවර අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අනුව  කුඩා යාත්‍රා 30,000කට සහන: එක්දින සහ කුඩා යාත්‍රා සඳහා දිනකට ලීටර් 25 බැගින්, දින 5කට වරක් ලීටර් 125ක ඉන්ධන කෝටාවක් පිරවුම්හල් 100ක් හරහා නිකුත් කෙරේ.

බහුදින යාත්‍රා සඳහා ඉන්ධන නිකුත් කිරීමේදී යාත්‍රා අධීක්ෂණ පද්ධතිය (VMS) හරහා ගමන් තොරතුරු තහවුරු කරමින් විධිමත් කළමනාකරණයක් සිදු කෙරේ.

මත්ස්‍ය සැකසුම් මධ්‍යස්ථානවල ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන Ceypetco සමඟ ඇති කරගන්නා සෘජු ගිවිසුම් මත ලබාගත හැකිය.

ඩෙල්ෆ් සහ බත්තලංගුණ්ඩුව වැනි දුෂ්කර ප්‍රදේශවල ධීවරයින්ට විශේෂ ප්‍රමුඛතාවයක් හිමිවේ.

අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා සඳහන් කළේ, රජයේ නිවාඩු දිනවල පවා ධීවරයින් වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.  

Share.
Leave A Reply