“අපේ අරමුණ අල්ලසට හා දූෂණයට තිත තැබූ පිරිසිදු රාජ්ය සේවයක් සහ නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමයි. මේ අභියෝගය ජය ගැනීමට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතුයි.”— අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද කීවාය.
මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්යයක් සනිටුහන් කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ස්වාධීනව ක්රියාත්මක කරවීමට අවශ්ය සියලු මූල්ය හා පාලන බලතල ලබාදීමට රජය තීරණය කර ඇති බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය අද (17) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළාය.
අල්ලස් කොමිසමට ලැබෙන නව බලතල කොමිසමේ නිලධාරීන්ගේ වැටුප්, දීමනා සහ බඳවා ගැනීම් තීරණය කිරීමේ පූර්ණ නිදහස මෙමඟින් හිමිවන අතර, ඒ හරහා මෙතෙක් පැවති පරිපාලන බාධක ඉවත් වේ.
විමර්ශන අවසන් වුවද නඩු පවරා නොමැති ලිපිගොනු 4,000කට අධික ප්රමාණයක් කඩිනම් කිරීම මෙහි ප්රධාන ඉලක්කයකි.
දේශපාලන බලපෑම් අවසන්: මන්ත්රීවරුන් හෝ ඇමතිවරුන් ඇතුළු කිසිවකුට කොමිසමේ ක්රියාවලියට අතපෙවීමට නොහැකි වන පරිදි ස්වාධීන අවකාශයක් නිර්මාණය කෙරේ.බලශක්ති අර්බුදයට මුහුණ දීමට ‘විශේෂ කැබිනට් කමිටු 4ක්‘ගෝලීය බලශක්ති අර්බුදය මෙරට ආර්ථිකයට එල්ල කරන බලපෑම කළමනාකරණය කිරීම සඳහා රජය වහාම ක්රියාත්මක වන පරිදි විශේෂ කමිටු හතරක් පත් කර ඇති බවද අගමැතිනිය මෙහිදී හෙළි කළාය.
කමිටුවමූලික කාර්යභාරයඅත්යාවශ්ය සේවා ආහාර, ඖෂධ ඇතුළු අත්යාවශ්ය සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම. බලශක්ති කළමනාකරණරාජ්ය අංශයේ බලශක්ති පිරිවැය අවම කරමින් සේවාවන් පවත්වා ගැනීම. ප්රසම්පාදනපවතින සම්ප්රදායික ක්රමවලින් බැහැරව බල ශක්තිය සපයා ගැනීමට නව විකල්ප සෙවීම.සමාජ සුබසාධනඅර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සිදු කරන බවද ඇය කීවාය.

