ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණයෙකු, පොලිස් අත්අඩංගුවේ පසුවන අතරතුරදී ද නොහොබිනා ලෙස හැසිරෙමින් පොලිසිය සමඟ ආරවුලක් ඇති කර ගැනීමට උත්සාහ කර ඇති බව දොරටියාව පොලිසීය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු එළඹෙන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණාගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

අදාළ තරුණයා මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ඇති වූ සාමාන්‍ය ආරවුලක් සම්බන්ධයෙනි. කෙසේ වෙතත්, නීතිය ක්‍රියාත්මක කරන අවස්ථාවේදී සහ ඉන් පසුවද ඔහු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් සහ ගැටුම්කාරී ලෙස හැසිරෙමින් තවත් ආරවුලකට මඟ පාදා ඇති බව පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේ ය.

මෙම කරුණු සැලකිල්ලට ගත් ගරු අධිකරණය සැකකරුට ඇප ලබා නොදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

දොරටියාව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උපදෙස් මත පො.සැ. (35432) රන්දෙනිය සහ කා.පො.කො. (1792) දිල්ෂානි යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

Share.
Leave A Reply