පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය සුරැකීමේ පියවරක් ලෙස, දිවයිනේ සියලුම ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ආයතන සඳහා සෑම බදාදා දිනයක්ම නිවාඩු ලබා දීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසුවේ රාජ්‍ය අංශයේ බදාදා නිවාඩුවට අනුගත වෙමින් මෙම පියවර ගත් බවයි.

Share.
Leave A Reply