නාගරික සංවර්ධනයට ‘Mother Lanka’ ඩිජිටල් ජවය: ජනතා සහභාගීත්වයට නව දොරටුවක් විවෘතයි

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති වඩාත් විනිවිදභාවයකින් සහ මහජන අදහස් සහිතව පවත්වාගෙන යාම සඳහා නිර්මාණය කළ ‘Mother Lanka’ ඩිජිටල් වේදිකාව අද දින අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් නිල වශයෙන් ජනගත කරන ලදී.

සාමාන්‍ය ජනතාවගේ සිට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දක්වා සියලු පාර්ශවයන්ට නගර සැලසුම් සඳහා භාෂා ත්‍රිත්වයෙන්ම අදහස් දැක්විය හැකිය.

දැනටමත් මහල් නිවාස 13,500ක පවුල් සඳහා ඩිජිටල් සේවා ආරම්භ කර ඇති අතර, මැනිං වෙළඳපොළ සේවාවන් ද මීට සමගාමීව විධිමත් කෙරේ.

මහජනතාව ඉදිරිපත් කරන ගැටලු සඳහා UDA නිලධාරීන් විසින් සෘජුවම විසඳුම් ලබාදෙන අතර පරිශීලක රහස්‍යභාවය උපරිමයෙන් සුරක්ෂිත කර ඇත.

“අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තාක්ෂණය හරහා ශක්තිමත් කරමින්, සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ජනතාවට විවෘත කිරීම මෙහි ප්‍රධාන අරමුණයි,” – අමාත්‍ය බිමල් රත්නායක මහතා කීය.

Share.
Leave A Reply