දිවයින පුරා විශේෂ පොලිස් මෙහෙයුම්: සැකකරුවන් 681ක් අත්අඩංගුවට
කොළඹ – පොලිස්පතිතුමාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ, පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 681 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ප්‍රධාන මෙහෙයුම් දත්ත (2026.03.14 දිනට)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී ෆ්රෙඩ්රික් වුට්ලර් මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව මෙහෙයුම් වල ප්‍රගතිය පහත පරිදි වේ:
පරීක්ෂාවට ලක් කළ මුළු පුද්ගලයින් සංඛ්‍යාව: 29,859
සැකපිට අත්අඩංගුවට ගත් පිරිස: 681
අපරාධවලට සෘජුව සම්බන්ධ බවට හඳුනාගත් සැකකරුවන්: 14
වෙනත් වරෙන්තුකරුවන් (දින/විවෘත): 446
මාර්ග නීති උල්ලංඝනය කිරීම්
අපරාධ මැඩලීමට අමතරව, මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති අතර රථවාහන වැරදි සම්බන්ධයෙන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
| වැරදි වර්ගය | අත්අඩංගුවට ගැනීම් / නඩු සංඛ්‍යාව |
|---|---|
| බීමත් රියදුරන් |
260
|
| අපරික්ෂාකාරී රිය පැදවීම් |
65
|
| වෙනත් රථවාහන වැරදි |
4,485
|
මෙම මෙහෙයුම් අඛණ්ඩව දිවයින පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
———————————————————————————————
සම්පූර්ණයෙන්ම නොමිලේ පුහුණුව!
පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්මය සහ නවක සන්නිවේදක පුහුණු වැඩසටහන (Certificate in Introductory Media Communication Ethics)
මාධ්‍ය අධ්‍යයන පුහුණුව | News & Image Organization
ඕනෑම අයකුට 2026 ඔබගේ අයදුම්පත පිරවීමට හැක News and Image සංවිධානයේ වෙබ් අඩවියෙහි ඇති මාධ්‍ය අධ්‍යයන පුහුණුව යන ස්ථානයේ ක්ලික් කර එහි අදාළ අයදුම්පත පුරවා එහි සාමාජිකත්වය තහවුරු කරන්න. එමගින් ඔබට වැඩසටහනේ ලියාපදිංචි අයදුම්කරුවෙක් බවට පත්විය හැක.
නිවැරදිව ලියාපදිංචි කළ අයදුම්පත් ඩවුන්ලෝඩ් කිරීමෙන් පසු
👉 WhatsApp කරන්න: 070 375 0478 | 072 393 0751 (මෙම අංක සඳහා පමණි)
🚨 Register Now — FREE ⚠️ WhatsApp ලියාපදිංචි වීම සීමිතයි 👉 දැන්ම ලියාපදිංචි වන්න!
මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ
වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA

