වසර දෙකක මහා මෙහෙයුම අවසන්: නිදහස් මාධ්‍ය භාවිතය වෙනුවෙන් “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය” රජයට භාර දෙයි!
ශ්‍රී ලාංකීය මාධ්‍ය වංශකතාවේ නව යුගයක සමාරම්භය සනිටුහන් කරමින්, දශක ගණනාවක නිහඬ අරගලයට සහ බලාපොරොත්තුවට පිළිතුරක් ලැබී තිබේ.
ලාංකීය මාධ්‍ය සංස්කෘතිය උඩුයටිකුරු කළ හැකි “ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” (National Media Policy) අවසන් සංවර්ධිත කෙටුම්පත අද (14) ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වෙත නිල වශයෙන් පිළිගන්වන ලදී.
@@@ ඇයි මේ ප්‍රතිපත්තිය මෙතරම් සුවිශේෂී වන්නේ?
මෙය හුදෙක් කාමරයක වාඩි වී නිලධාරීන් කිහිපදෙනෙකු සකස් කළ ලේඛනයක් නොවේ. මෙය 2023 මැයි මාසයේ සිට 2025 දෙසැම්බර් දක්වා වසර දෙකකට අධික කාලයක් මුළුල්ලේ රට පුරා විසිරී සිටින බහුවිධ පාර්ශ්වකරුවන් සිය ගණනකගේ අදහස් හා යෝජනා ගොනු කරමින් සකස් කරන ලද “මහජනතාවගේ ලේඛනයකි.
මෙය අමාත්‍යාංශයේ පමණක් ප්‍රතිපත්තියක් නොවේ. ස්වාධීන බහුපාර්ශ්වීය කමිටුවක් විසින් සියලු දෙනාට එකඟ විය හැකි ලෙස සකස් කරන ලද මෙය ඓතිහාසික කර්තව්‍යයකි.සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
ජනතාවගේ හඬට මුල්තැනක් – දේශීය හා ජාත්‍යන්තර අවධානයට !
මෙම ප්‍රතිපත්තිය සකස් කිරීමේදී කොළඹට පමණක් සීමා නොවී, මහනුවර, පුත්තලම, ත්‍රිකුණාමලය සහ යාපනය වැනි ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සිවිල් සංවිධාන, මාධ්‍යවේදීන් සහ කාන්තා ක්‍රියාකාරිනියන්ගේ අදහස් සෘජුවම ලබාගෙන ඇත.
මෙහි ප්‍රධාන අවධානය යොමු වී ඇති කරුණු:
මාධ්‍ය නිදහස සුරැකීම: දේශපාලන බලපෑම්වලින් තොර නිදහස් මාධ්‍ය සංස්කෘතියක් උදා කිරීම.
වෘත්තීයභාවය: මාධ්‍යවේදීන්ගේ ගෞරවය, වෘත්තීය අයිතිවාසිකම් සහ නිපුණතාවය ඉහළ නැංවීම.
පුරවැසි බලපෑම: තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරමින් පුරවැසියා සතු බලය ශක්තිමත් කිරීම.
@🛡️@ විනිවිදභාවයෙන් යුත් දැවැන්ත ක්‍රියාවලියක්!
මෙම කෙටුම්පත සකස් කිරීමේදී සාමාජිකයින් 28 දෙනෙකුගෙන් යුත් ස්වාධීන කමිටුවක් කටයුතු කළ අතර, 2025 ජූනි මාසයේ සිට භාෂා තුනෙන්ම වෙබ් අඩවි හරහා මහජනතාවට විවෘතව තැබීම විශේෂත්වයකි.
South Asian Women in Media (SAWM) සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) වැනි ප්‍රබල සංවිධාන ද මේ සඳහා උරදී තිබේ.
අවසන් 🔚 නිගමනය මෙන්න!
මහජන අරගලය මගින් ඉල්ලා සිටි “ප්‍රතිපත්තිමය වෙනස” (Policy Change) යථාර්ථයක් බවට පත් කරමින්, ලාංකීය මාධ්‍ය ක්ෂේත්රය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව නව යුගයකට රැගෙන යාමට මෙම ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සමත් වනු ඇති බව නිසැකය.
අපේ මාධ්‍ය සඟයන්නට ජයෙන් ජයම වේවා! රට පෙරට ජනතාව සමඟ තුන්කල් දකිනා මාධ්‍ය කලාවක් සඳහා රටම සීරුවෙන්….

