මානසික සිරකරුවන් බිහිවීමේ බරපතල අවදානමක් ගැන රජයෙන් රතු එළියක්

වයස අවුරුදු 3 සිට 5 දක්වා වන පෙර පාසල් වියේ පසුවන දරුවන් සඳහා ‘Zoom’ තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වීම සහ අධ්‍යාපනය ලබාදීම දරුවාගේ අනාගතය අඳුරු කරන විනාශකාරී ක්‍රියාවක් බවට රජය සහ අධ්‍යාපන මනෝවිද්‍යාඥයින් අනතුරු අඟවයි.

වාණිජ පරමාර්ථයෙන් ක්‍රියාත්මක වන ඇතැම් ආයතන විසින් දරුවන් ‘ඩිජිටල් සිරකරුවන්’ බවට පත් කරමින් සිටින බවට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය බරපතල අවධාරණයක් සිදු කර සිටී.

මොළයේ වර්ධනයට මරු පහරක් විද්‍යාත්මක පර්යේෂණවලට අනුව, කුඩා දරුවෙකුගේ මොළය වර්ධනය වන්නේ ස්වභාවික පරිසරය සමඟ සිදුකරන සජීවී ගනුදෙනු මගිනි. එහෙත් දිගු වේලාවක් තිරයක් (Screen) දෙස බලා සිටීමෙන් දරුවාගේ නිර්මාණාත්මක චින්තනය සහ ස්වාධීනව තීරණ ගැනීමේ හැකියාව මොට වන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත.

සමාජීය අබ්බගාත පරපුරක් සම වයසේ දරුවන් සමඟ සෙල්ලම් කරමින් හැඟීම් හුවමාරු කර ගත යුතු වයසේදී, ඩිජිටල් රූප දෙස බලා සිටීමට හුරුවීම නිසා අනාගතයේදී අන් අය සමඟ සන්නිවේදනය කිරීමට නොදන්නා, හුදකලා වූ ‘සමාජීය අබ්බගාත’ පරපුරක් බිහිවීමේ අවදානමක් පවතින බව මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙයි.

අවධානය බිඳ වැටීම (Attention Span) තිරයක් මත වේගයෙන් චලනය වන රූපවලට ඇබ්බැහි වන දරුවාට, සාමාන්‍ය පොතක් කියවීමට හෝ ගුරුවරයෙකුට සවන් දීමට ඇති හැකියාව (Attention Span) ශීඝ්‍රයෙන් පහත වැටේ. මෙය දරුවාගේ අනාගත පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීමට හේතු වේ.

දෙමාපියන්ට කෙරෙන විශේෂ නිවේදනය දක්ෂ දරුවෙකු බිහි වන්නේ ස්මාර්ට් ජංගම දුරකථනයක් ඉදිරිපිට නොව, සෙල්ලම් මිදුල සහ දෙමාපියන්ගේ සජීවී ඇසුර තුළය. වයස අවුරුදු 5 ට අඩු දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදීම දරුවාගේ පෙනීම දුර්වල වීමටත්, අධික මානසික ආතතියටත් හේතු වන බැවින්, එවැනි “Online ප්‍රයෝග” වලට තම දරුවා බිලි නොදෙන ලෙස රජය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

Share.
Leave A Reply