මෙරට උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා පෙන්වන සිසුන් 200 දෙනෙකුට ලොව ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා පූර්ණ ශිෂ්‍යත්ව පිරිනැමීමේ දැවැන්ත ව්‍යාපෘතියක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

දැවැන්ත මූල්‍ය දායකත්වය: ව්‍යාපෘතියේ මුළු පිරිවැය රුපියල් මිලියන 4,001 කි. එක් සිසුවෙකුට රුපියල් මිලියන 80 ක්: සිසුන් 200 දෙනෙකුට වසර 4ක උපාධි කාලය සඳහා මෙම ප්‍රතිපාදන වෙන් කෙරේ.

තෝරාගනු ලබන සිසුන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 500 ඇතුළත ඇති සරසවිවල (QS/THE/ARWU) අධ්‍යාපනය ලැබිය යුතුය.

මෙය හුදෙක් ශිෂ්‍යත්වයක් නොව, රට ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත නිර්මාණය කරන “සමාජ පරිවර්තන ක්‍රියාවලියක්” බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

දේශපාලන මැදිහත්වීම්වලින් තොර, ඉතා විනිවිද පෙනෙන ක්‍රමවේදයක් යටතේ සිසුන් තෝරා ගැනීම සිදු කෙරේ.

අපේ රට සෑදීමටනම් අපට හොඳ පුරවැසියන් අවශ්‍යයි. රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මානව සම්පතක් නිර්මාණය කිරීම අපේ අරමුණ යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කීවාය.

Share.
Leave A Reply