අමාත්‍යාංශ චක්‍රලේඛ නොසලකා හරින විදුහල්පතිවරුන්ට සහ නිලධාරීන්ට එරෙහිව දැඩි විවේචන යොමු වෙයි.
අවධානයට! මේ රස්නය කාලේ ඔබේ දරුවා ක්‍රීඩා පිටියට යවන්නේ මර උගුලකටද? වෛද්‍ය රුවන් ජයසූරිය සහ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහත්වරුන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක්.
“නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් ක්‍රීඩා පිටියේ දරුවන් අනතුරේ!”
අයිස් කැට සහ විදුලි පංකා පවා නැතිව දරුවන් අව්වේ කර නොකරන්න – වෛද්‍යවරු කියති.
පාසල් ක්‍රීඩා උළෙලවල් මර උගුල් කරන්න එපා: වෛද්‍යවරුන්ගෙන් බලධාරීන්ට රතු එළියක්!
පවතින අධික උණුසුම සහ ශ්වසන රෝග පැතිරයාමේ අවදානම හමුවේ, නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් දරුවන්ගේ ජීවිත අනතුරේ හෙළන පාසල් බලධාරීන්ට එරෙහිව වෛද්‍ය විශේෂඥයින් සිය දැඩි විරෝධය පළ කරන බව කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා හා ශාරීරික අභ්‍යාස පිළිබඳ වෛද්‍ය රුවන් ජයසූරිය මහතා පැවසීය.
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අමාත්‍යාංශ මට්ටමින් නිකුත් කර ඇති චක්‍රලේඛ නොසලකා හැරීම බරපතල වරදක් බව ද හෙතෙම කීය.
අධ්‍යාපන, ක්‍රීඩා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ මගින් නිකුත් කර ඇති ආරක්ෂිත මගපෙන්වීම් සමහර විදුහල්පතිවරුන් සහ ක්‍රීඩා නිලධාරීන් විසින් පැහැදිලිවම පැහැර හරිමින් සිටින බව ද හෙතෙම ප්‍රකාශ කළේ ය.
ක්‍රීඩා උත්සව පවත්වන ස්ථානවල දරුවන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීමට අවශ්‍ය විදුලි පංකා, ප්‍රමාණවත් ජලය සහ අයිස් කැට වැනි මූලික පහසුකම් තිබීම අනිවාර්ය බව වෛද්‍ය රුවන් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
නිධන්ගත රෝග ඇති දරුවන් සහ වර්තමානයේ පැතිර යන ශ්වසන රෝග ලක්ෂණ ඇති දරුවන් ක්‍රීඩාවේ යෙදවීමේදී දැඩි ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව හෙතෙම සදහන් කළේ ය.
දරුවන්ට ක්‍රීඩා කිරීම තහනම් නොකළ යුතු වුවද, පවතින අධික රස්නය හමුවේ දරුවා සතු ප්‍රමාණවත් ජල බෝතලයක් තිබීම සහ ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බව ද ඔහු කීය.
සියලු මගපෙන්වීම් තිබියදීත් දරුවන් අනතුරට පත්වීම කණගාටුවට කරුණක් බවත් දරුවන්ගේ ජීවිත අවදානමට දමන කිසිවෙකුට ඒ සම්බන්ධ වගකීමෙන් මිදිය නොහැකියි බවද වෛද්‍ය රුවන් ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.
දරුවන්ගේ ක්‍රීඩා උත්සව සැණකෙළි බවට පත් කරනවා වෙනුවට, විද්‍යාත්මක සහ සෞඛ්යාරක්ෂිත පදනමක පිහිටා ඒවා සංවිධානය කරන ලෙස වෛද්‍යවරුන් සියලුම විදුහල්පතිවරුන්ගෙන් සහ සංවිධායකයින්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම දැඩිව අවදාරණය කළේ ය.

