ලංකා විදුලි බල මණ්ඩලයේ සමස්ත සේවකයින් අද (09) සවස 3.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව නිදහස් සේවක සංගමය නිල වශයෙන් ප්රකාශ කරයි.
තමන්ගේ අයිතිවාසිකම් ලබාදෙන ලෙස රජයට දැඩි ලෙස ඉල්ලීම් කර තිබියදීත්, ආණ්ඩුව විසින් මේ දක්වා කිසිදු සාධනීය පියවරක් නොගත් බව සේවක සංගම් නියෝජිතයන් පෙන්වා දෙයි.
ඒ හේතුවෙන් රජයට බලපෑම් කිරීම සඳහා මෙම දැවැන්ත වෘත්තීය ක්රියාමාර්ගයට යාමට සිදුවූ බවත් ඔවුන් පවසයි.
මෙම වැඩ වර්ජනයට විදුලි බල මණ්ඩලයේ සේවකයන් 45,000 කට ආසන්න විශාල පිරිසක් එක්ව සිටින බවත් වාර්තා වේ.
මේ තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලි සැපයුම් සහ සේවා කටයුතු කෙරෙහි බලපෑම් ඇතිවිය හැකි බවත්, එම තත්ත්වය පිළිබඳව මේ වනවිට ජනතාවගේ දැඩි අවධානය යොමුව ඇති බවත් සඳහන් වේ.

