– ඉල්ලීම් නොදෙන්නේ නම් ගම්මට්ටමින් කටයුතු ප්‍රමාද වෙයි
සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී වෘත්තීය සමිති සංගමයේ සභාපති උපුල් කුමාර මහතා පවසන්නේ, තම සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් ආණ්ඩුව විසින් කඩිනමින් සපුරා නොදෙන්නේ නම් රටපුරා ආපදා සහන කටයුතු ගම්මට්ටමින් ප්‍රමාද විය හැකි බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ආණ්ඩුවට පැවරෙන බවත්, ගැටලු විසඳීම සඳහා ජනාධිපතිවරයා වහාම තම සංගමය සමඟ සාකච්ඡාවක් ලබාදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
සුළි කුණාටුවෙන් ආපදාවට පත් ජනතාවට ලබාදිය යුතු සහන ද මෙම තත්ත්වය හේතුවෙන් නතර වීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කළේය.

