‘රටම එකට’ මෙහෙයුම: ගෙවීගිය පැය 24 තුළ සැකකරුවන් 981ක් අත්අඩංගුවට

 

කොළඹ: ශ්‍රී ලංකා පොලිසිය විසින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලබන “රටම එකට” මත්ද්‍රව්‍ය මර්දන ජාතික මෙහෙයුම යටතේ 2026 මාර්තු 07 වන දින සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 981 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

 

 

පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ ජාවාරම්කරුවන් මැඩපැවැත්වීම අරමුණු කෙරේ. ඊයේ (07) දිනය තුළ පමණක් මුළු වැටලීම් 989ක් සිදුකර ඇත.

 

 

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන්:

පොලිස් වාර්තාවලට අනුව පහත සඳහන් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇත:

 

 

 

හෙරොයින්: ග්‍රෑම් 403ක් සහ මිලිග්‍රෑම් 287ක්.

 

 

 

අයිස් (ICE): ග්‍රෑම් 922ක් සහ මිලිග්‍රෑම් 409ක්.

 

 

 

ගංජා: කිලෝග්‍රෑම් 01ක් සහ ග්‍රෑම් 03ක්.

 

 

 

ගංජා පැල: ග්‍රෑම් 1189ක් සහ මිලිග්‍රෑම් 203ක්.

 

 

 

මල්පෙති: ග්‍රෑම් 1086ක් සහ මිලිග්‍රෑම් 90ක්.

 

 

 

මාවා හා මදනමෝදක: කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක්.

 

 

නීතිමය ක්‍රියාමාර්ග සහ පුනරුත්තාපනය:

අත්අඩංගුවට ගත් පිරිස අතරින් සැකකරුවන් 11 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, තවත් සැකකරුවන් 09 දෙනෙකු සඳහා රැඳවුම් නියෝග ලබාගෙන තිබේ. මීට අමතරව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 13 දෙනෙකු පුනරුත්තාපනය සඳහා යොමු කර ඇති බව සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆ්‍රෙඩ්රික් වුට්ලර් මහතා සඳහන් කළේය.

 

 

2025 ඔක්තෝබර් 30 වන දින ආරම්භ කරන ලද මෙම “රටම එකට” මෙහෙයුම මේ වන විට දිවයින පුරා ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතී.

 

————————————————————————————

මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගේ මඟපෙන්වීමෙන් ඇරඹි ඒ වෘත්තීයමය ගමන් මඟෙහි  05 වන දින පියවර! 🎬🎙️
ශ්‍රී ලංකාවේ ජන සන්නිවේදන අධ්‍යාපනයේ පීතෘවරයෙකු බඳු වූ, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්, ප්‍රවීණ නීතිඥ නිමල් ජී. පුංචිහේවා සහ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා වැනි විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඇසිදිසි මැදුරේදී ඇරඹි “පරිපූරක ජනමාධ්‍ය ආචාර ධර්ම සහ නවක සන්නිවේදන පුහුණු වැඩසටහනේ” ජනප්‍රිය ගීත රචකයෙකු සහ කතුවරයෙකු වන රාජ්‍ය සාහිත්‍ය සම්මානිත ජපානයේ සම්භාවනීය “බුන්කා” සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සමාජ විද්‍යා සහ මානව විද්‍යා අංශයේ  හිටපු දෙපාර්තමේන්තු ප්‍රධානි මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර | ශ්‍රී ලාංකේය රූපවාහිනී සහ ගුවන්විදුලි ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වයේ සලකුණක් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සාන් විජේතුංග මහතා  /👨‍🎓 කර්තෘ | ප්‍රධාන කර්තෘ | ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි | පිටපත් රචක | රූපවාහිනී හා වේදිකා රංගන ශිල්පී | නාට්‍ය අධ්‍යක්ෂක | මාධ්‍ය සහ ප්‍රචාරණ උපදේශක, දර්ශනපති දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා / 🎭 ප්‍රවීණ නිදහස් මාධ්‍යවේදි, වාර්තා චිත්‍රපට නිෂ්පාදක සහ බීබීසී සිංහල සේවයේ ආරම්භක සාමාජික, ලේඛක නන්දන වීරරත්න මහතා / 

📡 ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි කොල්වින් ජයවීර මහතා වැනි විද්වතුන්ගෙන් පෝෂිතව සාර්ථකව පිය නගන  05 වන දිනය සඳහා ඔබ සැමට ආරාධනා…!
—————————————————— 

📅 දිනය: 2026 මාර්තු 13 (සිකුරාදා)

 

⏰ වේලාව: සවස 1:30 සිට 5:00 දක්වා

📍 ස්ථානය: කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරය

🌐 ලියාපදිංචිය සඳහා පිවිසෙන්න: https://newsandimage.org/media-studies-training/

0703750478 | 0703750538 | 0783930551 ______________


මාධ්‍යවේදී නුවන් ප්‍රසන්න සුමනරත්න සහ මාධ්‍යවේදී යොහාන් රසිඳු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ

වාර්තාකරණය: NUWAN PRASANNA SUMANARATHNA


Share.
Leave A Reply