ශ්රී ලංකා නාවික හමුදාව, මාරවිල මුහුදු ප්රදේශයේ 2026 මාර්තු මස 03 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්රෑම් නවසිය පනස් තුනකට (953) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ඒ අනුව, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා වේග ප්රහාරක යාත්රාවක් මඟින්, මාරවිලට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදු ප්රදේශයේ අතහැර දමා තිබූ සැකකටයුතු උර විසි හතක් (27) පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී, එම උරතුල අසුරා තිබූ, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කර, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අතහැර දමා යනලද බවට සැක කෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් නවසිය පනස් තුනකට (953) අධික තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරායේ පිහිටි රේගු නිවාරන කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


