අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රටේ දරුවන් වෙනුවෙන් රටේ අනේගතය වෙනුවෙන් සිදු කරනවා !
කුනුාටු සහන යටතේ රුපියල් 15,000 දීමනාව දරුවන් සඳහා 72%කට, මරණ වන්දි 50%කට, රුපියල් 50,000 දීමනාව 77%කට සහ රුපියල් 25,000 දීමනාව 98%කට ලබා දී ඇති බව අද දියවන්නා පාර්ලීමේන්තු වේ දී හරිණි අගමැතීණිය හරි හරියට කීවාය.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.
හදිසි නීතිය භාවිත කර මාධ්‍ය හෝ කිසිදු පාර්ශවයක් මර්දනය කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කිරීම පිළිබඳව පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
දිත්වා සුළි කුණාටුව හේතුවෙන් රටට සහ ජනතාවට සිදුවූ විශාල හානි සම්බන්ධයෙන් යළි යළිත් අවධාරණය කිරීම අවශ්‍ය නොවන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය, පාරවල්, පාලම්, පාසල් සහ නිවාස රැසකට දැඩි හානි සිදුව ඇති බව පෙන්වා දුන්නාය. එමෙන්ම මෙතෙක් නොදුටු පරිමාණයේ නායයෑම් 1,300කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (National Building Research Organisation ) (NBRO) වාර්තා ලැබී ඇති බවද ඇය පැවසුවාය.
“මෙවැනි තත්ත්වයක් තුළ ඉක්මන් මැදිහත්වීමක්, සම්පත් බලමුලු ගන්වීමක් සහ ජනතාවගේ ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ කාර්යය කාර්යක්ෂමව සිදු කිරීම අපට අත්‍යවශ්‍යයි,” යැයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීම යන ප්‍රධාන කරුණු දෙක සඳහා පමණක් හදිසි නීතිය භාවිත කරන බවත්, එය තවත් මාසයක් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනා කර ඇති බවත් ඇය පැවසුවාය.
හදිසි නීතිය අවභාවිතා කර මාධ්‍ය හෝ මහජන විරෝධතා මර්දනය කළ බවට විපක්ෂය කරන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, රජය මැදිහත්වී එවැනි මර්දනයක් සිදු කර ඇත්නම් එම සිදුවීම් නිශ්චිතව ඉදිරිපත් කරන ලෙසයි.
මෙහිදී ත්‍රිකුණාමලයේ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ සිදුවීම උදාහරණයක් ලෙස ගෙන, එම අත්අඩංගුවට ගැනීම් හදිසි නීතිය යටතේ සිදු කළ බවට විපක්ෂය කරන ප්‍රකාශ අසත්‍ය බවත්, එම සිද්ධියට නීතිය ක්‍රියාත්මක වූයේ සාමාන්‍ය නීතිය යටතේ බවත් අග්‍රාමාත්‍යවරිය පැහැදිලි කළාය.
එමෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය විසින් පදනම් විරහිත හා ව්‍යාකූල තොරතුරු සමාජගත කිරීමට උත්සාහ කරන බවටද ඇය චෝදනා කළාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු හය ශ්‍රේණිය මොඩියුලවලට සීමා වූ ක්‍රියාවලියක් නොවන බවත්, කුළුණු පහක් යටතේ ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහනක් බවත් ඇය පැවසුවාය.
ප්‍රතිසංස්කරණ කිසිසේත් අත්හිටුවා නොමැති බවත්, විපක්ෂය ඒවා වැරදි ලෙස අර්ථකථනයට ලක් නොකරන ලෙසත් අග්‍රාමාත්‍යවරිය ඉල්ලා සිටියාය.
දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම් සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, පෙබරවාරි 02 වනදා වන විට රුපියල් 15,000 දීමනාව දරුවන් සඳහා 72%කට, මරණ වන්දි 50%කට, රුපියල් 50,000 දීමනාව 77%කට සහ රුපියල් 25,000 දීමනාව 98%කට ලබා දී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය.

