කන්දකැටිය බදුලු ඔය වාරි පද්ධතිය

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරී පද්ධති 1020ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබාදීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුමට අනුව අද (12) දින හානියට පත්වු කන්දකැටිය බදුලු ඔය වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණ කිරිම, ජාතික භික්ෂු පෙරමුණේ හම්බන්තොට, මාතර, රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්කවල ස්වාමින් වහන්සේලා හතලිස් නමක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්, ප්‍රාදේශිය ගොවි සංවිධාන නියෝජිතයන් හා ප්‍රදේශවාසින් විසින් සිදු කරයි.

මෙහිදි බදුල්ල දිස්ත්‍රික්කයේ, කන්දකැටිය ප්‍රදේශයේ ඇති ප්‍රධාන වාරි ව්‍යාපාර තුන අතුරින් මෙම බදුලු ඔය ව්‍යාපාරය මගින් අක්කර 1,750 ක් හා පවුල් පන්දහකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර මෙම අධිෂ්ඨාන මහිම ව්‍යාපෘතිය මගින් දින 14ක් ඇතුලත මෙම හානි වූ ඇලමාර්ග ප්‍රතිසංස්කරණ කර මහා කන්නය සඳහ දියවර ලබා දී කෘෂිකර්මාන්තය නගා සිටුවීම මෙහි අරමුණයි.

මෙම අවස්ථාවේ දී ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍යපාද වකමුල්ලේ උදිත හිමි, ප්‍රාදේශිය ඉංජිනේරු මහත්මිය, ගොවි සමිති සාමාජිකයන්, ස්වෙච්ඡා සංවිධාන සාමාජිකයන් සහ ප්‍රදේශවාසින් දැක්වු අදහස් පහත වේ.

Video – https://drive.google.com/drive/folders/1txK7s-vvAWqU2J-Ks4GRhOaM-VWE2u4b?usp=sharing

Share.
Leave A Reply