පාන් පිටි හා සීනි යොදාගෙන කෘත්‍රිමව මී පැණි සැකසූ අයෙක් පුල්මුඩේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සැකකරු සන්තකයේ තිබී කෘත්‍රිමව සකස්කළ මී පැණි ලීටර් 30 ප්‍රමාණයේ කෑන් 25ක්, ලීටර් 100 ප්‍රමාණයේ බැරල් 2ක් පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.
පොලීසිය නිවසට යන විටත් ඔහු නිවසේ මී පැණි සකස්කරමින් සිට තිබේ.
සීනි, පාන් පිටි සහ තවත් රසායනික ද්‍රව්‍ය යොදා මෙම මී පැණි සකසා ඇති බවත්, ඒවා කොළඹ හා ගම්පහ ප්‍රදේශවල ආයුර්වේද ඔසුසැල්වලට අලෙවිකර ඇති බවත් මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
2025.12.11
ඉදිරි උස්සව සමයේ දී රටට අවශ්‍ය අල සියයට 95 ක්ම ආනයනය කිරීමට සිදුවනු ඇති බව ගොවිජන පවුර සංවිධානයේ සභාපති නලින්ද සේනාරත්න මහතා පවසයි.
මේ නිසා ආණ්ඩුවට විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇති බව ද ඒ මහතා කීය.
අල වගා කරුවන්ට ආණ්ඩුව නිසි පරිදි විසඳුම් නොදීම නිසා මෙම තත්ත්වය ඇති වී ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.
රටට අල මෙට්‍රක් ටොන් ලක්ෂ 2 20 000ක් පමණ අවශ්‍ය වුව ද ලංකාවේ දැනට වගා කර ඇති අල ප්‍රමාණය මෙට්‍රක් ටොන් 10 000ක් පමණත් බවත් ඒ මහතා කීය.
මේ වන විට සමස්තයක් වශයෙන් ගත් කළ මෙයට හෙතු වී ඇත්තේ පසුගිය කාලයේ අල ගොවියාගේ ප්‍රශ්න වලට රජය නිසි විසදුමක් ලබා නොදීම යි.
ඒ නිසා අල ගොවියා තම වගා බිමිවල අල වෙනුවට වෙනත් එලවළු බෝග වගා කිරීම නිසා අල හිඟයක් ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි බව ද ඒ මහතා කීය.
කාලගුණ ආපදා සමයේ දී රට තුළ අතිරිත්ත එලවලු තොග තිබු බවත් ඉන් සියයට 20 ක පමන ප්‍රමානයක් විනාශ වුවද බරපතල ආකාරයේ එළවලු හිඟයක් ඇතිව නැති බව ද ඒ මහතා පැවසීය.
ඉදිරි උත්සව සමයේ දී ර ට පුරා අල හිඟයක් ඇතිවිය හැකි බවත් ඒ නිසා මෙයට විසදුම් වශයෙන් ආණ්ඩුවට අල ආනයනය කිරීමට සිදුවන බව ද ඒ මහතා කීය.
@ ‘දිට්වා‘ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ මනස සුවපත් කිරීමට ‘Clean Sri Lanka’ දියත් කරන ‘Beyond Recovery’ නියමු ව්‍යාපෘතිය බදුල්ලෙන් ඇරඹේ
‘දිට්වා‘ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වී සුරක්ෂා මධ්‍යස්ථානවල රැඳී සිටින දරු දැරියන් සහ වැඩිහිටි ප්‍රජාවගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ අරමුණින්, ‘Clean Sri Lanka’ වැඩසටහන යටතේ සංවිධානය කරන ‘Beyond Recovery’ දීපව්‍යාප්ත වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ඊයේ (10) බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.
මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල මහා විද්‍යාලයේ සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ ස්ථාපිත සුරක්ෂා මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම ‘Beyond Recovery’ සමාරම්භක වැඩසටහන පැවැත්විණි.
මේ වන විට මොරහෙල මහා විද්‍යාලයේ පවුල් 118 කට අයත් පුද්ගලයින් 279 දෙනෙකු සහ කනුගොල්ල සුමනාරාම විහාරස්ථානයේ පවුල් 101 ක සාමාජිකයින් 288 දෙනෙකු තාවකාලිකව රැඳී සිටිති.
හුදෙක් භෞතික ආධාරවලින් ඔබ්බට යමින්, ෙඅවතැන් වූ ප්‍රජාවට යළි නැගී සිටීමට අවශ්‍ය ධෛර්යය හා මානසික සහනය ලබා දීම ‘Beyond Recovery’ ව්‍යාපෘතියේ මූලික අරමුණයි. ඒ අනුව ස්වේච්ඡා කලාකරුවන් පිරිසකගේ දායකත්වයෙන් පැවති මෙම විශේෂ සංගීතමය වැඩසටහන, දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද මනස සැහැල්ලු කිරීමටත්, ඔවුන් තුළ නව ජීවයක් ඇති කිරීමටත් විශාල පිටිවහලක් විය.
මීට අමතරව පරිත්‍යාගශීලී පුද්ගලයින් සහ ආයතන විසින් ‘Clean Sri Lanka’ ලේකම් කාර්යාලය වෙත බාර දුන් පාසල් උපකරණ, පොත්පත් සහ සෙල්ලම් බඩු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් දරුවන් වෙත ත්‍යාග ලෙස පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
මානසික සෞඛ්‍යය, ළමා මනෝ විද්‍යාව, ප්‍රජා සෞඛ්‍යය සහ නිර්මාණාත්මක කුසලතා වර්ධනය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත්දායකයින් මෙන්ම විදේශික ස්වේච්ඡා ක්‍රියාකාරීන් පිරිසක් ද මෙම ව්‍යාපෘතියට එක්ව සිටි අතර, ඔවුන් දරුවන් වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන ලදී.
බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ ‘Beyond Recovery’ වැඩසටහන අද (11) දිනයේදීත් තවත් සුරක්ෂා මධ්‍යස්ථාන කිහිපයක ක්‍රියාත්මක කිරීමට නියමිතය.
@@@@
2025.12.11
හදිසියේ රට පුරා සෞඛ්‍ය අංශය වලට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් වටිනා වාහන 4781ක් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
(ඒ අනුව රුපියල් ලක්ෂ 4 62,000 වාහන ගෙන්වීමට)
ඒ අනුව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියකට ලංකා හා ඇමරිකාණු ආණ්ඩු ගිවිසුමකට එක්ව තිබේ. ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක අරමුදල් සලසා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය සමඟ මූල්‍ය ගිවිසුමක් අත්සන් කර ඇත.
බෝ නොවන රෝග වැළැක්වීම හා කළමනාකරණය, වැඩිහිටි හා සහන සත්කාර, ප්‍රජා මට්ටමේ සේවාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණය ආශ්‍රිත සෞඛ්‍යමය හදිසි අවස්ථා සදහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ඇතුලු සෞඛ්‍ය සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින්, එම ව්‍යාපෘතිය 2024 සිට 2028 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ.
ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය පවුල් සෞඛ්‍ය සේව නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාථමික සත්කාර හෙද නිලධාරීන් සහ අධීක්ෂණ කණ්ඩායම් සදහා ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් නොමැතිකම් මෙම ව්‍යාපෘතියට අදාළව හදුනාගත් තීරණාත්මක බාධකයක් වේ.
නිවෙස් පාදක සත්කාර සහ ප්‍රජා සම්බන්ධතා ආවරණය පුළුල් කිරීම, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ අධීක්ෂණ කාර්යයන්හි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, සායනික අපද්‍රව්‍ය ආරක්ෂිතව සහ නිසි වේලාවට ප්‍රවාහනය කිරීම සහතික කිරීම සඳහා ප්‍රවාහන ධාරිතාව වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය වාහන ප්‍රසම්පාදනය කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මේ අනුව සායනික අපද්‍රව්‍ය ප්‍රවාහන ලොරි 26 ක්,ඩබල් කැබ් රථ 25ක්, ආසන 10 ක් සහිත වෑන් රථ 05 ක්, ආසන 42 සහිත බස් රථ 02ක්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා ස්කූටර් 2,891ක්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සඳහා ස්කූටර් 200ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහා යතුරු පැදි 1,350ක්, රසායනාගාර සේවා සඳහා ස්කූටර් 200ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා අධිශීතකරණ ට්‍රක් රථ 20 ක්, වෛද්‍ය සැපයීම් අංශය සඳහා ෆෝක්ලිෆ්ට් 08 ක්, පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය සඳහා කෲ කැබ් රථයක්, යාපනය දිස්ත්‍රික්කය සඳහා ගිලන් රථ යාත්‍රාවක් ආදි ලෙස මිල දී ගැනීමට නියමිතව තිබේ.
@@@@@@
2025.12.11
ලෝකයේ කාලගුණ විපර්යාස හමුවේ ලංකාව වැඩිම බලපෑම් ලබන රටවල් 5 අතරට පත්ව ඇති බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පැවසීය.
ව්‍යසනයෙන් පීඩාවට පත් සියළු පිරිස් රාජ්‍ය සේවකයින්ද යන්න නොසලකා රජයෙන් ලබන සියළු දීමනා ලබා ගත යුතු බව ද ඒ මහතා පැවසීය.
ලෝකයේ කාලගුණ විපර්යාස හමුවේ වැඩිම බලපෑම් එල්ල කරනු ලබන රටවල් 10 අතුරින් ලංකාව මුල් රටවල් 05 අතරට පත්ව ඇති බැවින් අප මෙවැනි ව්‍යසන ඉදිරියට බලාපොරොත්තු විය යුතු බව ද ඒ මහතා පැවසීය.
නාගරීකරණය, ජනාවාස, ඉදිකිරීම් සහ සේවා සපයන පද්ධතීන් ඊට නොසැලී මුහුණ දීමට කොතරම් හැකියාවකින් පවතිනවා ද යන්න අවධානය යොමු කළ යුතු බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මෙරට ඉන්ජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සිදු කළ පර්යේෂණ සහ සැලසුම් තිබිය දී ඊට ජාත්‍යන්තරව සම්මාන පවා ලැබී තිබිය දී ගංවතුර වැනි ආපදා වලින් අප පීඩා විදින බව ද ඔහු කීය.
ඒ අනුව එම දැනුම් පද්ධතින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් නැවැත නැවැතත් මෙම ව්‍යසනයටම ලක්වීමට ඉඩකඩ ඇති බැවින් එසේ නොවිමට වැඩි අවධානය යොමු කළ යුතු බව ද ඔහු පැවසීය.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) මහියංගණය මුලික රෝහල තුළ සිදු කළ නිරික්ෂණ චාරකාවකට එක්වෙමිණි. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රමුඛ පිරිසක් එක්ව සිටියහ.
@@@@2025.12.11
දිවයින පුරා රෝහල්වල දස දහසකට ( 10 000) ආසන්න ප්‍රමාණයක් හදවත් ආශ්‍රිත ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින බවත් දැනට වසරක පමණ කාල සීමාවක සිට ජයවර්ධනපුරය මහ රෝහලේ ස්නායු ශල්‍යකර්ම සිදු කිරීම නතර කර ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ ය.
මෙයට හේතුව අදාළ රෝහලේ සේවය කළ විශේෂඥ වෛද්‍යවරියක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇති වූ තත්ත්වය මත රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වීමත් සමඟ දැනට වසරක පමණ කාල සීමාවක මුළුල්ලේ මෙම රෝහලේ ස්නායූ ශල්‍යකර්ම නතර වී ඇති බව ද මහතා සඳහන් කළේ ය.
එසේම දැනට සති කිහිපයක කාලසීමාවක සිට මෙම රෝහලේ හදවත් සැත්කම් සිදු කිරීමද නතර වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
මෙයට හේතුව හදවත් බයිපා සැත්කම් සිදුකිරීමේදී උපයෝගී කරගන්නා හෘද- පෙනහළු යන්ත්‍රය ක්‍රියාකරවීම සම්බන්ධ විශේෂ නිපුණතාවය සහිත ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ශිල්පීන් දෙදෙනාගේ වයස අවුරුදු 60 ඉක්මවීම නිසා ඔවුන් යළි සේවයට එක් කර ගැනීමට අධ්‍යක්ෂක මණ්ඩලය කැබිනට් අනුමැතිය ලැබෙන තුරු බලා සිටීම බව ඔහු ද හෙතෙම කීය.
රෝහල තුළ දැනට අදාළ විෂය පථය සම්බන්ධ තවත් කනිෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සේවය කරන නමුත් රෝහලේ සේවය කරන හෘද ශල්‍යා විශේෂඥ වෛද්‍යවරුන් මෙම කනිෂ්ඨ නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට මැලිකමක් දැක්වීම මත මෙම අර්බුදය මතුවී ඇති බවද ඔහු පැවසීය.
හදවත් සැත්කම් සිදු කිරීමේදී හදවතේ ක්‍රියාකාරීත්වය යන්ත්‍රයකට භාරදීම සිදු කරන අතර එම ක්‍රියාව සඳහා ජ්‍යෙෂ්ඨ තාක්ෂණික ශිල්පීන්ගේ සහයෝගය අවශ්‍ය බවට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කොට ඇති නිසා මේ සම්බන්ධව පරිපාලන අවුල නිරවුල්වනතුරු ජයවර්ධන රෝහලේ හදවත් සැත්කම් නතර වී ඇති බව ද හෙතෙම කීය.
දැනට පුද්ගලික අංශයේ රෝහලක හදවත් බයිපාසයක් කමක් සඳහා රුපියල් මිලියන 2 කට ආසන්න අවම මුදලක් වැය වන අතර මෙවැනි සැත්කමක් සඳහා සාමාන්‍යයෙන් අනෙකුත් සේවා ගාස්තු හා වෛද්‍ය ගාස්තු හැර රෝහල් ගාස්තුව ලෙස පමණක් ලක්ෂ පහකට ආසන්න මුදලක් වැය වන බැවින් නතර වීම අදාළ ශල්‍යකර්ම මුදල් ගෙවා සිදු කිරීමට බලාපොරොත්තු වෙන රෝගීන්ටද දැඩි අසාධාරණයක් වී ඇති බව ඔහු ද කීය.
දැනට දිවයින පුරා රෝහල්වල දස දහසකට ආසන්න ප්‍රමාණයක් හදවත් ආශ්‍රිත ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින අතර මෙම පොරොත්තු ලේඛන වල තවත් වසර පහකට ආසන්න කාලයක් දීර්ඝව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.
මෙවන් තත්ත්වයක් යටතේ ජයවර්ධනපුර රෝහල සම්බන්ධයෙන් ඇතිවී ඇති මෙම අර්බුද විසඳීමට රජයේ කඩිනමින් අවධානය යොමු යුතු බවද ඔහු ප්‍රකාශ කළේ ය.
@@@@@@@ 1) කුරුණෑගල මහනගරසභාවෙි මාළිමා මංගළ අයවැය විවාදයේ මාළිමා මංත්‍රි ප්‍රතිපක්ෂයේ මංත්‍රිට “හිඟන්නා”යැ‘යි අමතා සභාව උණුසුමිවිය
කුරුණෑගල මහනගරසභව 2026 වසරසදහා රුපියල් කෝටි 413,ක් කුරුණෑගල නගරය ඇතුළු නාගරික බළප්‍රදේශයේ ජනතා සංවර්ධනය වෙනුවෙන් නගරාධිපති ආනන්ද සහබන්ධු මහතා ඉකුත් 10 දින සභාසමිමතය සදහා ඉදිරිපත්කල මංගළ අයවැය වැඩි ඡන්ද දෙකකින් සභාසමිමතවිය.
ජාතිකජනබළවෙිගය ආණ්ඩුබළයහිමි කුරුණෑගල මහනරසභාවෙි මංගළ අය වැය වීම මෙහිදී විශේෂත්වයක් වන අතර නොවැමිබර් 27 දින සභා සමිමතයට අය වැය ඉදිපත්කිරීමෙිදී මහනගර සභා පනතට පටහැණිව අනීතිකව වුබැවින් එදින විපක්ෂයේ දැඩිවිරෝධය මත හකුළාගැණීමට සිදුවිය.
අය වැය විවාදයේදී මාළිමා දේශපාළන පක්ෂයේ මංත්‍රිවරයකු අදහස්දැක්වී මෙිදී ප්‍රතිපක්ෂයේ ජේෂ්ඨ මංත්‍රි වරයෙකුට ” හිඟන්නා ” යැ‘යි ආමන්ත්‍රණය කිරීමෙිදී සභාගැභ උණුසුම්වී ප්‍රතිපක්ෂයේ කණ්ඩායමි නායකයා ඇතුළු මංත්‍රිවරුන් කීපදෙනකු සභාගැභෙන් පිටවිය.
නගරාධිපතිගේ මැදිහත්වීමෙන් සභාව සංසුන්කර අනවශ්‍යවචන වාර්තාවෙන් ඉවත්කරනබව පවසා මංත්‍රි වරයාට සමාව ගන්නාලෙසද පැවසී අය වැය විවාදයේදී
2) රෝගියෙකුගේ තට්ටමක සෑදී තිබුණු ගෙඩියක් කෑගල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ 11 වැනිදා පෙරවරුවේ ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමෙන් පසුව උණ්ඩයක කැබැල්ලක් තිබී හමු වී තිබේ.
අධාල රෝගියා කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින කෑගල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන 53 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි.
කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර පොලිස් සැරයන්වරයා දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවක සේවය කර ඇති අතර මීට වසර කිහිපයකට ඉහතදී සීතාවක පොලිස් කොට්ඨාසයට අයත් බුලත්කොහුපිටිය පොලිසියේ සේවය කරමින් සිටිය දී අත් වැරදීමකින් ඔහු අතින් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පසුව සැරයන්වරයාගේ තට්ටම තුවාල සිදුව තිබේ.
පසුව තුවාල ලබා සිටි සැරයන්වරයා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා තුවාලය සුව අතට හැරීමෙන් අනතුරුව නිවස බලා ගොස් තිබුණි. පසුව සාජන්වරයා සමාන්‍ය පරිදි කෑගල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු සිදු කරමින් සිටි අවස්ථාවේ දී ඉකුත් දිනක දී තට්ටමක ගෙඩි සෑදී ගෙඩිය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලට ගොස් බාහිර රෝගී අංශයට පෙන්වා තිබේ.
රෝගියා පරීක්ෂා කර බලා ඇති වෛද්‍යවරයෙක් ශල්‍යකර්මයක් සිදු කර ගෙඩිය ඉවත් කර දැමිය යුතු බවට සැරයන්වරයාට දන්වා තිබේ. ඊයේ 11 වැනිදා ගෙඩිය ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමට සැරයන්වරයාට කල් තියා දිනයක් දී ඇති අතර සැරයන්වරයා පෙරේදා 10 වැනිදා කෑගල්ල මහ රෝහලට පැමිණ ඇතුළත් වී තිබේ.
ඊයේ 11 වැනිදා පෙරවරුවේ සැරයන්වරයා කෑගල්ල මහ රෝහලේ ශල්‍යාගාරයට රැගෙන ගොස් වෛද්‍ය කණ්ඩායමක් විසින් ශල්‍යකර්මයක් සිදු කර තිබේ. ශල්‍යකර්මය සිදු කරන අතරතුර උණ්ඩයක කැබැල්ලක් වෛද්‍ය කණ්ඩායමට තිබී හමු වී ඇති අතර පසුව වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් රෝගියාගෙන් විමසීමක් ද කර තිබේ. පසුව වෛද්‍යවරයෙක් සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ වෙත දැනුවත් කර තිබුණි. පසුව උණ්ඩ කැබැල්ල කෑගල්ල මහ රෝහලේ පොලිස් මුරපොළ වෙත භාර දී තිබුණි. පොලිසිය සැරයන්වරයාගෙන් කෙටි ප්‍රකාශයක් ද ලබාගෙන තිබුණි.
3) හොරෙන් ගෙනා බීඩි කොළ කිලෝ 500 ක් බත්තුලුඔයේදී නාවික අත්අඩංගුවට.
වයඹ වෙරළ තීරයේ නීති විරෝධී ජාවාරම් මැඩලීම සඳහා ක්‍රියාත්මක සෝදිසි මෙහෙයුම් යටතේ වයඹ නාවික විධානය බත්තුලුඔය 61 හන්දිය මාර්ග බාධකයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෙරටට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොල කිලෝ 542 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් සහ කැබ්රථයක් 9 දා රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස් අවුරුදු 22 හා 24 ක තරුණයින් වන අතර ඔවුන් ඒත්තාලේ සහ පාලවියේ පදිංචි කරුවන්ය.සැකකරුවන් සහ කැබ් රථය බීඩි කොළ තොගය සමග සමග ඉදිරි විමර්ශන සඳහා පුත්තලම සුරා බදු විශේෂ විමර්ශන ඒකකයට භාර දී තිබේ.
4) මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඊයේ (11) නියම කළේය.
එහිදී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර ඒ පිළිබද සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 13ක් සංශෝධනය කිරීමට අවසර ලබා දුන්නේ ය.
මෙම සංශෝධිත චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඒවා අධ්‍යයනය කිරීමට කාලය ලබාදෙන ලෙසත් එහිදී විත්තිකාර රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.
2014 අගෝස්තු 01 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.
5) අම්බුළුවාව ජෛව විවිධත්ව කලාපය පිහිටි ඉඩම සඳහා වූ අනුමැතය අවලංගු කිරීම පිළිබඳව උඩපළාත ප්රාවදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක් ඉදිරිපත් කර තිබෙන නිර්දේශය සම්බන්ධයෙන් ලබන 15 වන දා දක්වා ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
අම්බුළුවාවේ දි. මු. ජයරත්න ආගමික මධ්යවස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ භාර අරමුදල විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රි්යන්ත ප්රජනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින්මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.
පෙත්සමේ තර්ක
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතීඥ සනත් විජේවර්ධනගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අයත් ඉඩම සඳහා වූ අනුමැතිය අවලංගු කිරීමේ අවදානමක් මතුව තිබෙන බව පෙන්වා දුන්නේ ය.
එම නිසා මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත්, එතෙක් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඊට ප්ර තිචාර දක්වමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ, මෙම නඩුකරය සඳහා පෙනී සිටින නියෝජ්යත සොලිසිටර් ජනරාල්වරයාට උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්යන බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙස ය.
තමන්ට වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලැබී නොමැති නිසා පෙත්සම්කාර පාර්ශවය ඉල්ලා සිටින අතුරු තහනම් නියෝග සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් රජයේ නීතිඥවරයා පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ලබන 15 වන දා කැඳවන ලෙස නියෝග කළේ ය.
එදින තෙක් අදාළ ඉඩම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේ ය.
අම්බුළුවාව ජෛව විවිධත්ව සංවර්ධන කලාපය පිහිටා තිබෙන ඉඩම 2001 වසරේ එවකට බලයේ සිටි ජනාධිපතිනිය විසින් ප්ර දානයක් වශයෙන් ලබාදුන් බව පෙත්සම්කරුවෝ පවසති.
අදාළ ඉඩම අභය භූමි කලාපයක් වශයෙන් සංවර්ධනය කර තිබෙන අතර, ඒ සඳහා රුපියල් බිලියන දෙකකට වැඩි මුදලක් වැය කර තිබෙන බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දුන්හ.
එම කලාපය තුළ දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත් දිනා ගෙන ඇති කුළුණක්, ළමා උද්යාතනයක්, සියලු ආගම් ප්රාවර්ධනය කිරීමේ අරමුණින් ස්ථාපනය කළ පූජනීය ස්ථාන, අතිනවීන තාක්ෂණයෙන් සමන්විත සම්මන්ත්රණ ශාලාවක්, අමුත්තන්ට නවාතැන් ගැනීම සඳහා නවාතැන් පොළවල් ඇතුළු අංග කීපයක් මෙම කලාපයේ අන්තර්ගතව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබේ.
මෑතකදී ශ්රීප ලංකාවේ ප්රීථම කේබල් කාර් ව්යානපෘතිය ද මේ අම්බුළුවාව ව්යාටපෘතිය කේන්ද්ර් කරගෙන ආරම්භ කෙරුණු බවත් පෙත්සමේ සඳහන් වෙයි.
6) රත්නපුර ලෙල්ලොපිටියේ 34 හැවිරිදි තිදරු පියෙකු පිහියෙන් ඇන මරා දමයි.
රත්නපුර පොලිස් බළ ප්රෙපද්ශයට අයත් බැරැන්ඩුව ලෙල්ලොපිටියේ වත්තේ පදිංචිව සිටි 34 හැවිරිදි තිදරු පියෙකු ඊයේ (11) උදෑසන හයට පමන පිහියකින් ඇන ඝාතනය කර ඇත.
කලක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට පොලිසිය විසින් තහවුරු කර ගෙන ඇති අතර මෙසේ ඝාතනයට පත්ව ඇත්තේ වී යෝගේෂේවරන් නැමති 34 හැවිරිදි තිදරු පියෙකි. මෙම ඝාතනය සිදු කල බවට සැක කරන එම ප්රිදේශයේම පදිංචි මුරුගා පුෂ්පරාජා නොහොත් සංජු නැමති පුද්ගලයෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු රත්නපුර මහේෂ්ත්රාිත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත.
රත්නපුර කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරී I අසිත තොටගොඩවත්ත මහතාගේ උපදෙස් මත වැඩ බලන මූලස්තාන ප්රරධාන පොලිස් පරීක්ෂක චන්දන නාදෙනිය මහතාගේ මෙහෙයවීමෙන් අපරාද විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්රකධාන පොලිස් පරීක්ෂක වසන්ත පෙරේරා මහතාගේ ප්රණහා යුත් පොලිස් පරීක්ෂ ජගත් මහතා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් විසින් මේ සම්බන්දව වැඩි දුර පරීක්ෂන සිදු කරමින් සිටී.
7) දඹුල්ල ප්රානදේශීයසභාවේවිස්සයිවිසිහයඅයවැයලේඛනයදෙවනවරටත් 11 දිනවැඩිඡන්දයෙන්පරාජයටපත්විය
ප්රාැදේශීයසභාවේසභාපතිඩබ්ලිව් .එම් . තිලකරත්නමහතාගේප්රවධානත්වයෙන් 11 දිනදෙවනවරටඅයවැයලේඛනයඉදිරිපත්කරන්නටවූඅතරන්අයවැයප්රමකාශයටපක්ෂවජන්දදහතුනක්ලැබිණි. අයවැයටවිපක්ෂ්වඡන්ද 14 ක්හිමිවිය , ඒඅනුවමෙවරදදඹුල්ලප්රා.දේශීයසභාවේඅයවැයපරාජයටපත්විය
මෙමසබාවේබලයජාතිකජනබලවේගයපක්ෂයටහිමිවීතිබිණි
මීටපෙරදඹුල්ලප්රාතදේශීයසභාවේඅයවැයඉදිරිපත්කළඅවස්ථාවේදීපක්ෂවඡන්දදහතුනක්විපක්ෂවඡන්ද 14 ක්ලෙසඉදිරිපත්වීමත්සමඟදෙවනවරටඅයවැයඉදිරිපත්කිරීමමෙදිනසිදුකෙරිණි.
විපක්ෂනියෝජනයකරනසියලුමන්ත්රීඅවරුන්අයවැයටවිරුද්ධවජන්දයප්රකකාශකළහ
8) පුරා වසර ගණනක් මුළුල්ලේ බස්නාහිර පලාතට අනුයුක්තව සේවයේ නිරතව සිටි විශ්රානම යාමට ආසන්න වයසේ පසුවන පොලිස් කොස්තාපල් වරුන් සහ සැරයන්වරුන් පිරිසකට උඳාවෙන නව වසරේ පළමුවනදා සිට වහාම ක්රි යාත්මක වන පරිදි ලබාදී ඇති ස්ථාන මාරුහේතුවෙන් ඔවුන් ගේ දරුපව්ල් විශාල,අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිසියේ අභ්යුන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.
පොලිස්පති වරයාගේ අනුදැනුම මත මෙම නිලධාරීන්ට උඳාවන නවවසරේ ජනවාරි මස පළමුවනදා සිට දිවයිනේ දුරබැහැර ප්රනදේශවලට ස්ථාන මාරුවීම් ලබාදීමෙන් එම නිලධාරීන් විශාල අපහසුතාවයකට පත්වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිතුමාට සහ පොලිසිය බාර ඇමතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ස්ථාන මාරු ලැබූ නිලධාරීන් ගේ සූදානමක් පවතින බව අභ්යදන්තර පොලිස් තොරතුරු මගින් වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු හෙළිකරන පොලිස් නිලධාරීන් පවසන්නේ පසුගියදා පැවති ගංවතුර උවදුරින් පසුව මෙලෙස ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ට තම දරුපව්ල් සමඟ ගොස් පදිංචිය සඳහා කුලී නිවෙසක් සොයා ගැනීමද අපහසු කරුණක් වී ඇති බවය.
මෙම ස්ථාන මාරු හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්යාසපනය සහ උපකාරක පංති මෙන්ම වයෝවෘද්ධ දෙමාපියන් ගේ සෞඛ්ය වෛද්ය් සායන ඇතුළු මෙකී නොකී විශාල සේවාවන් රැසක් යලිත් නව ස්ථාන මාරුව ලද ප්ර්දේශයට මාරුකර ගැනීම වර්තමානයේ විශාල ගැටළු රාශියක් නිර්මාණය කරන බැවින් මෙයට සහනයක් ඉල්ලා පොලිස්පතිවරයාට සහ පොලිසිය බාර ඇමතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි.
විශ්රාපම යාමට වසර,දෙක තුනක කාලයක් සහිත නිලධාරීන් මෙම ගැටළුවෙන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බැවින් සිය රාජකාරි කාළය තුල පොලිසියට උපරිම සේවයක් ඉටුකල මෙම පිරිස නියමිත කාලයට පෙර විශ්රාකම ගැනීමේ සූදානමක් ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කර ඇත.

