ආපදා තත්ත්වය හමුවේ රට පුරා මේ වන විට සතුන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අවතැන් වී සිටින බව සත්ව සුභ සාධක සංගමයේ සභාපති චෞක වික්‍රමසේකර මහතා පැවසීය.
වීදි සතුන් කොතරම් ප්‍රමාණයක් ආපදාවට පත්ව ඇති ද යන්න මේවන විටත් වාර්තා වී නොමැති බව ද ඒ මහතා පැවසීය.
විපතට පත් වු සතුන් ගැන දැනුම් දීම සඳහා සහ උපකාර කිරීමට ලංකාවේ ප්‍රථම වතාවට නිර්මානය කළ වෙබ් යෙදුමක් (WEB APP) හදුන්වා දී ඇති බව ද ඒ මහතා කීය.
එම සේවාව නම් කර ඇත්තේ බව් බව් (BawBaw) යන සුරතල් නාමයෙන් බව ද ඒ මහතා පැවසීය.
ANIMAL RESCUE – SRI LANKA FLOOD 2025 යන නමින් https.//animalflood.support/ සබැඳිය හරහා ඔබ ප්‍රදේශයේ විපතට පත්ව සිටින සත්වයින් පිළිබඳව දැනුවත් කළ හැකි බවද ඒ මතා කීය.
ගංවතුරෙන් පීඩාවට පත්වූ සතුන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා වූ එසැණින් ක්‍රියාත්මක වන සම්බන්ධීකරණ වේදිකා Animal Rescue SOS යනු 2025 ගංවතුර ආපදාවෙන් කොටු වී සිටින සතුන් බේරා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රජා මූලික වේදිකාවකි.
මෙය බිම් මට්ටමේ සිටින විපතට පත් වූවන් සහ සත්ව මුදාගැනීමේ ස්වේච්ඡා කණ්ඩායම් (Rescuers) එකිනෙකා හා සම්බන්ධ කෙරේ.
ඔබගේ උදව් ඉල්ලීම් සමාජ මාධ්‍ය ඔස්සේ මග හැරී යාම වැළැක්වීම මෙහි අරමුණයි. සෑම ඉල්ලීමක්ම සිතියමක සලකුණු වන අතර, බේරා ගැනීමේ කණ්ඩායම් වලට එසැණින් එම තොරතුරු දැක බලා ගත හැකි බවද ඒ මහතා ඉල්ලා සිටියේ ය.

