Close Menu
News & Image OrganizationNews & Image Organization
  • පුවත්
    • අධ්‍යාපන
    • අධිකරණ
    • සෞඛ්‍යය
    • කැබිනට් තීරණ දැනුම්දීම්
    • පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන
  • අප ගැන
    • ව්‍යවස්ථාව
    • ආචාරධර්ම
  • මාධ්‍ය අධ්‍යයන පුහුණුව
  • සංවිධාන සාමාජිකත්වය
  • අපව අමතන්න
Facebook X (Twitter) Instagram
Facebook X (Twitter) Instagram
News & Image OrganizationNews & Image Organization
Login
  • පුවත්
    • අධ්‍යාපන
    • අධිකරණ
    • සෞඛ්‍යය
    • කැබිනට් තීරණ දැනුම්දීම්
    • පාර්ලිමේන්තු මාධ්‍ය නිවේදන
  • අප ගැන
    • ව්‍යවස්ථාව
    • ආචාරධර්ම
  • මාධ්‍ය අධ්‍යයන පුහුණුව
  • සංවිධාන සාමාජිකත්වය
  • අපව අමතන්න
News & Image OrganizationNews & Image Organization
Home » මේ අයවැයෙන් බල්ලන්ට තරම්වත් වෛද්‍යවරුන්ට ආණ්ඩුව සලකා නෑ!මෙවර සහෝදර ආණ්ඩුවේ අයවැය සුනඛයන්ට තරං වත් වෛද්‍යවරුන්ට සලකා නැති බවත් තරුණ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම අධෛර්යයට පත් කරන අයවැයක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.මෙවර අයවැය තුළින් සුනඛයන් ඇතුළු සත්ත්වයින්ටද සුබ සාධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් වෙන් කොට ඇති තත්ත්වයක් යටතේ තරුණ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වන සුභ සාධක කටයුතු සඳහා හෝ ඔවුන් දිරිමත් කිරීම සඳහා හෝ ප්‍රතිපාදන වෙන් නො කිරීම කණගාටුවට කරුණක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.දිවයින පුරා ග්‍රාමීය රෝහල්වල සිට ප්‍රාථමික සත්කාරක සේවා දක්වා පුළුල් පරාසයක් තුළ දවසේ පැය විසි හතරම, සතියෙ දවස් හතම මාසයේ දවස් තිහ ම එක දිගට සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් සිටින බව ද ඒ මහතා පැවසීය.මෙරට ප්‍රාථමික සෞඛ්‍ය දර්ශක ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කාර්යයක් ඉටු කරන නමුත් මෙවර අයවැයෙන් ඔවුන් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.අවම තරමේ එම කණ්ඩායම් සඳහා දිරි දීමනාවක් හෝ ලබා දීමට කටයුතු කළේ නම් එය අගය කළ හැකිව තිබූ බව ද ඔහු කීය.වෛද්‍යවරුන්ට සමාන අනෙකුත් ශ්‍රේණි සඳහා නිල වාහනයකට, ප්‍රවාහන දීමනා, ඇතුළු වරප්‍රසාද සහ හිමිකම් කියන නමුත් වෛද්‍යවරුන් සඳහා එවන් පහසුකම් කිසිවක් නොමැති තත්ත්වයක් යටතේ තම පුද්ගලික වාහනයෙන් රාජකාරි කටයුතු සඳහා පැමිණීම සිදු කරන අතර ඔවුන් වෙත ලබා දී තිබූ නිදහස් වාහන බලපත්‍රය ද දැනට වසර කීපයක සිට ක්‍රියාත්මක නොවීම නිසා අලුතින් වාහනයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ වෛද්‍යවරුන් දැඩි ලෙස අධෛර්යට පත්වන තත්ත්වයක් දැකිය හැකි බවත් හෙතෙම සඳහන් කළේ ය.නිදහස් වාහන බලපත්‍රයක් ලබාදීම වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සඳහා හා ඔවුන් මෙරට තුළ රැඳී සිටීම සඳහා වන එක් උත්තේජකයක් බව ද සඳහන් කළේ ය.වසර ගණනාවක සිට වෛද්‍යවරුන්ගේ වැටුප් දීමනා සම්බන්ධ විෂමතාවයන් පවතින බවත් මෙරට තුළ ජීවත් වීමට හැකි ඉහළ වැටුපක් ලබාදීමට කටයුතු නොකළහොත් ඉතිරි කාලයේදී තරුණ වෛද්‍යවරුන් සහ තරුණ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රවණතාවය තවත් වේගවත් විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.දැනට රට තුළ ක්‍රියාත්මක වන අධික බදු ප්‍රතිපත්තිය හමුවේ වෛද්‍යවරුන්ට ලැබෙන මූලික වැටුපට සාපේක්ෂව ඔවුන් විසින් ගෙවනු ලබන බදු ප්‍රමාණය ඉහළ යෑම නිසා ද රටේ ජීවත්වන වෛද්‍යවරුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදීමත් මත ඇතිවන ආර්ථික උද්ධමනකාරී තත්ත්වයන් ඔවුන්ට ඍජුව බලපෑම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට අනර්ථයක් සිදු විය හැකි බව ද ඔහු කීය.දුරස්ථ ප්‍රදේශවල සේවය කරන බොහෝ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන්ට නිල නිවාස පහසුකම් පවා නොමැති බවත් ඔවුන් තම පුද්ගලික ආදායමෙන් කොටසක් නේවාසික පහසුකම් සඳහා වියදම් කරන අතර පවුලේ සාමාජිකයන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය හා සමාජ සුභසාධක පහසුකම් පවා ලබා ගනිමින් දුෂ්කරතාවලින් පිළිම මත මෙරටට පැමිණෙන ලෙසට රට හැර ගොස් හා රාජ්‍ය සේවයෙන් ඉවත්ව විදේශගත වෛද්‍යවරුන්ට ආරාධනා කළ ද එය ප්‍රායෝගිකව ඔප්පු කිරීමට රජය අපොහොසත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.මේ අන්දමට රජය වෘත්තිය වේදීන් කෙරෙහි කුඩම්මාගේ සැලකිලි දැක්වීම තේරුම් ගත නොහැකි බවත් රජය විසින් ලබා දෙන ලද මැතිවරණ පොරොන්දු එකින් එක ඉටු නො කරන තත්ත්වයක් දැකිය හැකි බව ද මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ සෘජුව අවධානය යොමු විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
පුවත්

මේ අයවැයෙන් බල්ලන්ට තරම්වත් වෛද්‍යවරුන්ට ආණ්ඩුව සලකා නෑ!මෙවර සහෝදර ආණ්ඩුවේ අයවැය සුනඛයන්ට තරං වත් වෛද්‍යවරුන්ට සලකා නැති බවත් තරුණ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම අධෛර්යයට පත් කරන අයවැයක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.මෙවර අයවැය තුළින් සුනඛයන් ඇතුළු සත්ත්වයින්ටද සුබ සාධන කටයුතු සඳහා විශාල ප්‍රාග්ධනයක් වෙන් කොට ඇති තත්ත්වයක් යටතේ තරුණ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා වන සුභ සාධක කටයුතු සඳහා හෝ ඔවුන් දිරිමත් කිරීම සඳහා හෝ ප්‍රතිපාදන වෙන් නො කිරීම කණගාටුවට කරුණක් බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.දිවයින පුරා ග්‍රාමීය රෝහල්වල සිට ප්‍රාථමික සත්කාරක සේවා දක්වා පුළුල් පරාසයක් තුළ දවසේ පැය විසි හතරම, සතියෙ දවස් හතම මාසයේ දවස් තිහ ම එක දිගට සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් සිටින බව ද ඒ මහතා පැවසීය.මෙරට ප්‍රාථමික සෞඛ්‍ය දර්ශක ජාත්‍යන්තර තලයට ගෙන ඒම සඳහා ඔවුන් විශාල කාර්යයක් ඉටු කරන නමුත් මෙවර අයවැයෙන් ඔවුන් සම්බන්ධව විශේෂ අවධානයක් යොමු නොකිරීම කණගාටුවට කරුණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.අවම තරමේ එම කණ්ඩායම් සඳහා දිරි දීමනාවක් හෝ ලබා දීමට කටයුතු කළේ නම් එය අගය කළ හැකිව තිබූ බව ද ඔහු කීය.වෛද්‍යවරුන්ට සමාන අනෙකුත් ශ්‍රේණි සඳහා නිල වාහනයකට, ප්‍රවාහන දීමනා, ඇතුළු වරප්‍රසාද සහ හිමිකම් කියන නමුත් වෛද්‍යවරුන් සඳහා එවන් පහසුකම් කිසිවක් නොමැති තත්ත්වයක් යටතේ තම පුද්ගලික වාහනයෙන් රාජකාරි කටයුතු සඳහා පැමිණීම සිදු කරන අතර ඔවුන් වෙත ලබා දී තිබූ නිදහස් වාහන බලපත්‍රය ද දැනට වසර කීපයක සිට ක්‍රියාත්මක නොවීම නිසා අලුතින් වාහනයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ වෛද්‍යවරුන් දැඩි ලෙස අධෛර්යට පත්වන තත්ත්වයක් දැකිය හැකි බවත් හෙතෙම සඳහන් කළේ ය.නිදහස් වාහන බලපත්‍රයක් ලබාදීම වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම සඳහා හා ඔවුන් මෙරට තුළ රැඳී සිටීම සඳහා වන එක් උත්තේජකයක් බව ද සඳහන් කළේ ය.වසර ගණනාවක සිට වෛද්‍යවරුන්ගේ වැටුප් දීමනා සම්බන්ධ විෂමතාවයන් පවතින බවත් මෙරට තුළ ජීවත් වීමට හැකි ඉහළ වැටුපක් ලබාදීමට කටයුතු නොකළහොත් ඉතිරි කාලයේදී තරුණ වෛද්‍යවරුන් සහ තරුණ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යෑමේ ප්‍රවණතාවය තවත් වේගවත් විය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.දැනට රට තුළ ක්‍රියාත්මක වන අධික බදු ප්‍රතිපත්තිය හමුවේ වෛද්‍යවරුන්ට ලැබෙන මූලික වැටුපට සාපේක්ෂව ඔවුන් විසින් ගෙවනු ලබන බදු ප්‍රමාණය ඉහළ යෑම නිසා ද රටේ ජීවත්වන වෛද්‍යවරුන් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් පුද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදීමත් මත ඇතිවන ආර්ථික උද්ධමනකාරී තත්ත්වයන් ඔවුන්ට ඍජුව බලපෑම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට අනර්ථයක් සිදු විය හැකි බව ද ඔහු කීය.දුරස්ථ ප්‍රදේශවල සේවය කරන බොහෝ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරුන්ට නිල නිවාස පහසුකම් පවා නොමැති බවත් ඔවුන් තම පුද්ගලික ආදායමෙන් කොටසක් නේවාසික පහසුකම් සඳහා වියදම් කරන අතර පවුලේ සාමාජිකයන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය හා සමාජ සුභසාධක පහසුකම් පවා ලබා ගනිමින් දුෂ්කරතාවලින් පිළිම මත මෙරටට පැමිණෙන ලෙසට රට හැර ගොස් හා රාජ්‍ය සේවයෙන් ඉවත්ව විදේශගත වෛද්‍යවරුන්ට ආරාධනා කළ ද එය ප්‍රායෝගිකව ඔප්පු කිරීමට රජය අපොහොසත්ව ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.මේ අන්දමට රජය වෘත්තිය වේදීන් කෙරෙහි කුඩම්මාගේ සැලකිලි දැක්වීම තේරුම් ගත නොහැකි බවත් රජය විසින් ලබා දෙන ලද මැතිවරණ පොරොන්දු එකින් එක ඉටු නො කරන තත්ත්වයක් දැකිය හැකි බව ද මේ සම්බන්ධව ජනාධිපතිවරයාගේ සෘජුව අවධානය යොමු විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

By Nimal Algewatta9 November 2025No Comments1 Min Read4 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email WhatsApp
Post Views: 92
Follow on Facebook Follow on YouTube Follow on WhatsApp
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email WhatsApp
Previous Articleනව ලිබරල් ආඛ්‍යානයට එරෙහිව  IMF –  ආර්ථික විද්‍යාව සහ විකල්ප  මැයෙන් සංවිධානය කළ ආර්ථික කථිකාවතක් (08) දින කොළඹ මහජන පුස්තකාලයේ පැවැති රැස්වීමක දී ඒ මහතා මෙසේ ද කීය.
Next Article උසස් පෙළ විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Nimal Algewatta

Related Posts

කාල ගුණේ අවධානයට පෙර සුදානම් වන්න කියවන්න  

7 November 2026

පාර්ලිමේන්තුවේදී ඔත්තු බැලීම අත්හිටුවූ අර්ච්චුනා: “මම තවදුරටත් ඔත්තු කියන්නේ නෑ… ඒවා කියන්න යන්නේ පැලවත්තටයි!”

5 November 2026

සිව්දෙස පොලිස් පුවත්

5 November 2026
Leave A Reply Cancel Reply

  • +94 71 052 9937
  • info@newsandimage.org
  • No. 53/1 Shalawa Road, Embuldeniya, Nugegoda

Facebook Page

Weekly Newsletter

© All rights reserved

Facebook-f Youtube Whatsapp

Type above and press Enter to search. Press Esc to cancel.

Sign In or Register

Welcome Back!

Login below or Register Now.

Lost password?

Register Now!

Already registered? Login.

A password will be e-mailed to you.