ලංකාවේ ධීවර කර්මාතයෙන් විදෙස් මුදුල් ලබා ගන්නට ජාතික ජන බලවේග ආණ්ඩුව උපරිමයෙන් කටයුතු කරද් දී සමහර අමාත්‍යංයට සම්බන්ධ ධීවර ආයතන දක්වන ආකල්පහා සහයොග්ය ලබා දීමේ මන්දගාමී ස්වභාවය නිසා සමහර දෙසි විදෙස් ආයෝජිකයන් දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති.
මේ එවැනි කතාන්දරයක කතාන්දරයකි.
සීමැක්ස් සමාගම 2018 වර්ෂය අවසානයේ දී ඒවකට රජයේ ඉල්ලීමක් මත ඇමරිකානු ඩොලර් මිලියන විස්සක් 25ත් අතර ප්‍රමාණයක මූලික ආයෝජනයක් කිරීමේ අවරණයෙන් ම ලංකාවට පැමිණි තිබිණි.
සමාගම රජයෙන් කරපු ඉල්ලීම මසුන් ඇල්ලීම සහ සැකසීමේ කර්මාන්ත ශාලා සහිත විශාල ප්‍රමාණයේ නැව් ලංකාවට හඳුන්වා දීමට ගෙන ඒම සඳහා එම නැවූ නැංගුරන් ලා හැකි වරායක කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම ස්ථානයක් ලබා දෙන ලෙසයි.
ඒ අනුව වකට ධීවර අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවට අයත් දිකෝවිට දකුණු වරාය පර්යන්තයේ පිහිටි කාමර තුනකින් යුත් ගොඩනැගිල්ලක එක් කාමරයක් බදු පදනම මත ලබා දීමට සංස්ථාව එකඟ වී තිබේ.
මුල සිටම නිලධාරීන්ගේ ක්‍රියා කලාපය මත ක් දීර්ඝ කාලීන බදු පදනමට ලබා දීමට එකඟ වුණු ගොඩනැගිල්ල අවුරුදු පහක ඉතා කෙටි කාලීන පදනම මත පමණක් බදු ගිවිසුමකට ඇතුළත් වීමට සමාගම ට සිදු විය.
කෙසේ නමැති අවස්ථාවේදී එම ගොඩනැඟිල්ල ක් දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දෙන බවට එවකට සංස්ථාවේ සභාපතිවරයා ලිඛිතව පොරොන්දු වී ම එහි මූලික ආයෝජන සිදු කරමින් බලාපොරොත්තු වන ලෙස කර්මාන්ත ශාලාවක් ඉදි කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ඒ අනුව සමාගම විසින් ඩොලර් මිලියනයක් පමණ වියදම් කර කර්මාන්ත ශාලාවක් හෝ විට වරාය පර්වතයේ ඉදි කළේ ය.
මෙයට අමතර ව මූලික ආයෝජන සැලැස්මේ සඳහන්ව තිබූ ලෙස ඩොලර් මිලියන හතරක් පමණ වටිනා කර්මාන්ත ශාලාවක් සහිත ඉතා විශාල නෞකාවක් ලංකාවට ගෙන ඒමට සමාගම කටයුතු කළේ ය.
2020 වර්ෂයේ දී එම සමාගම විසින් ඉදි කරන ලද කර්මාන්ත ශාලාව අනීතිකව අයිති කර ගැනීමට නිලධාරීන් ඉතා අක්‍රමික සහ වංචා සහගත ලෙස ක්‍රියා කළ අතර අවසානයේ සමාගමේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා අධිකරණයේ පිහිට පැතීමට සිදු විය.
අධිකරණ ක්‍රියාවලිය පවතින අතරතුර ඉතාම සද්භාවයෙන් ක්‍රියා කරමින් එම සමාගම මෙම අර්බුදය ට විසඳුම් ලබා ගැනීම සඳහා දිගින් දිගටම ඉල්ලුම් කල අතර හේ අනුව එවකට පැවති රජය මෙම අර්බුදය විසඳීමට ඉතා සද්භාවයෙන් යුතුව යෙන් කටයුතු කළේ ය.
එනමුත් ඒ අවස්ථාවේදී ද ධීවර වරාය නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසඳුම් ක්‍රියාවලියට බාධා ඇති කරමින් අමාත්‍යවරයා හා අමාත්‍යාංශ ලේකම්වරයා ධීවර කර්මාන්තය දියුණු කිරීමට ගන්නා උත්සාහයන්ට ද බාධා ඇති කරමින් විසඳුමක් ලබා ගැනීමට තිබූ සියලු ම අවස්ථා නය ඉතා කූට ලෙස ව්‍යාර්ථකරණ ලද බව එම ආයතනයේ පාලන අධිකාරිය පවසයි.
කෙසේ හෝ මෙම අර්බුදය න් අවසන් කිරීමට ඉතා ආසන්න මට්ටමකටම ගෙන ඒමට එවකට අමාත්‍යවරයා හා ලේකම්වරිය සමත් වූහ.
ඉන් පසුව නව ආණ් ව පත්වීමත් සමඟ සංස්ථාවේ දී හිටපු නිලධාරීන් නැවත ක්‍රියාත්මක වී නව ආණ්ඩුවේ අලුතින් පත් වූ සභාපතිවරයා සහ අලුත් ලේකම්වරයා නොමග යෞවමින් ක්‍රියාත්මක යවෙමින් අප සමාගම සම්බන්ධයෙන් වැරදි ප්‍රතිරූපයක් මවා නැවතත් අර්බුදකාරී තත්ත්ව ඇති කරන ලදී.
කෙසේ නමුත් සමාගම විසින් අමාත්‍යංශ ලේකම්වරයා ගෙන් ලිඛිතව කරන ලද ඉල්ලීමක් අනුව 2025.07.03 වෙන අමාත්‍යංශයේ දී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී සාකච්ඡා ඉදිරියට ගෙන යාමට පහසු වන පිණිස කාර්යාල පරිශ්‍රයේ ගොඩනැගිල්ල ක් නැවත භාරදීමේ හැකියාව දැනුම් දෙන මෙන් ම ලේකම්වරයා විසින් ඉල්ලීමක් කරන ලදී.
ඒ අනුව කාර්යාල පරිශ්‍රය භාර දීමේ හැකියාව දැනුම් දෙමින් 2025.08.18 දින ලිපියක් යොමු කළ අතර න් කිසිදු ප්‍රතිචාරයක් සංස්ථාවෙන් නො ලැබුණ නිසා නැවත සිහි කැඳවීමේ ලිපියක් 2025. 09.26 දින යොමු කල අතර එයට ද ප්‍රතිචාරයක් නොමැති බැවින් 2025.10.02 දින අමාත්‍යංශ ලේකම්වරයාට ලිපියක් යොමු කළ අතර න් එයට ද මේ වනතුරු යහපත් ප්‍රතිචාරයක් ලැබී නැත.
තත්ත්වය තිබියදී ත් 2025.10.08 දින කර්මාන්ත ශාලාව තුළ අපනයන සැකසුම් ක්‍රියාවලියක් සිදු වෙමින් තිබිය දී දික්ඕවිට වරායේ කළමනාකරු කර්මාන්ත ශාලාවට පැමිණ කර්මාන්ත ශාලාවෙන් ඉවත්වෙන ලෙස බලපෑම් කර තිබෙන බව කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය පැවසීය.
ඉන්පසුව මේ බලපෑම් පිළිබඳව වත්තල පොලිසියට පැමිණිලි කිරීමට ආයතනය කටයුතු කළ අතර ඒ අවස්ථාවේ දී දැන ගන්නට ලැබ ලැබුණේ පෙර වරාය කළමනාකරු පැමිණ විමර්ශනයක් අවශ්‍ය නොවන බව පවසමින් එදින අප කර්මාන්ත ශාලාවෙන් ඉවත් වෙන බවට දැනුම් දීමක් කර ඇති බවට පොලිසියේ පැමිණිල්ලක් සිදු කර ඇත.
කෙසේ නැවත සිදු වූ බලපෑම් සම්බන්ධයෙන් අප ආයතනය විසින් ම වත්තල පොලිස් ස්ථානයේ CIB II 214/104 යටතේ පැමිණිල්ලක් සිදු කළ අතර එය විභාගය සඳහා නියම කරන ලෙස ඉල්ලා සිටින ලදී.
2025.10.09 අප ආයතනයේ සේවකයන් කර්මාන්ත ශාලාවට රැකියාව සඳහා ගිය අවස්ථාවේ දීත් වරාය ආරක්ෂක නිලධාරීන් අප ආයතනයේ සේවකයන්ට කර්මාන්ත ශාලාවට ඇතුල්වීම වළක්වා ලනය කළමනාකරු නියෝග නිකුත් කර ඇති බව දන්වා කර්මාන්ත ශාලාවට ඇතුල්වීමට ඉඩ ලබා නොදෙන ලදී.
ඒ අවස්ථාවේදීත් වරාය කළමනාකරුගෙන් කරුණු විමසා සිටියා විට සංස්ථාවේ සභාපතිවරයා අප සමාගමේ සේවකයන්ට ඇතුල්වීමට ඉඩ නත් ලබා නොදෙන ලෙස ලිඛිතව දන්වා ඇති බව ආරක්ෂක නිලධාරීන් මගින් දන්වා ඇත.
කෙසේ නමුදු රුවත් ඒ පිළිබඳව යම්කිසි ලිඛිත නිවේදනයක් ඉල්ලා සිටියද කිසිදු ලිඛිත දැනුම් දීමක් නොලද බැවින් අප ආයතනය නීති නිලධාරී විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ අදාළ ලිපිය ඉල්ලා සිටීමට කටයුතු කරන ලදී.
එසේ ම තොරතුර දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කිරීමට අප ආයතනයේ නිති නිලධාරීන් වරාය නීතිගත සංස්ථාවට ගිය අවස්ථාවේ දී එම සංස්ථාවේ සභාපතිවරයා නීති නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් තොරතුරු දැනුම ගැනීමේ පනත යටතේ කරන ලද ඉල්ලීම ඇතුළත් ලිපිය ක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. එවැනි ලිපියක් ලබා ගැනීම සඳහා වරාය කළමනාකරුගෙන් ඉල්ලීමක් කරන ලෙස දන්වා ඇත.
ඒ අනුව වරාය කළමනාකරුගෙන් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කිරීම සඳහා ලිපියක් බාර දීමට උත්සාහ කළ අවස්ථාවේදී ත් එම ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
සභාපතිවරයාගෙන් ලැබුණු ලිපිය අභ්‍යන්තර ලිපි හුවමාරුවක් බවත් එම ලිපිය ලබා දීමට නොහැකි බවත් දන්වා ඇත.
මෙයට අමතර ව අප සමාගමට මෙවන විට වරාය පරිශ්‍රයට ඇතුල් වීමට ඉඩ නො දෙන බව ද කිසිදු ලේඛනයක් ලබාදීමට වරාය කළමනාකරු අසමත් වී තිබේ.
අප ආයතනය සතු ටින් කෝටි 30 කට වටිනාකමින් යුත් තේ දේපළ කළමනාකරු විසින් ඇතුල් වීමට ඉඩ නොදෙන පරිශ්‍රය තුළ තිබෙන අතර එම දේපළ වලට යම් හානියක් හෝ පාඩුවක් සිදු කිරීමේ අවදානමක් ඇති බවද පාලන අධිකාරිය පවසයි.
තවද අප ආයතනය විසින් නිත්‍ය ලෙස සිදු කරමින් යන අපනයන කටයුතු යි මේ හේතුව නිසා නැවතී ඇති අතර ටින් අපනයන ය ක ටින් වටිනාකම ඇමරිකානු ඩොලර් 2000කට අධික වේ.
නිත්‍ය අපනයනයක් ලෙස සිදු කිරීමට නොලැබීම නිසා ඉදිරි ඇනයුම් නැවතීමට ඉඩ ඇති අතර වරාය නිලධාරීන්ගේ මෙම ක්‍රියාව නිසා අප ආයතනය මගින් සිදු කරන අපනයන මගින් ලැබෙන විදේශ විනිමය නැවතීමේ අවදානමක් ඇති වී තිබේ.
මේ වන විට සමාගම යටතේ තිස්දෙනෙකුට අධික ප්‍රමාණයක් සේවය කරන අතර ඉන් එම සේවකයන් ට ඔවුනගේ පවුල් වලට මෙය ඉතාම අවදානම් තත්ත්වයක් ඇති වී ඇති බවද පාලන අධිකාරිය ප්‍රකාශ කළේ ය.
සෘජු විදේශ ය ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන අපගේ ආයතනය ලියාපදිංචි කළ ආයතනයක් බව ද සදහන් කළ හැකි බව ද පාන අධිකාරිය පැවසීය.
සීමැක්ස් සමාගම, ඇමරිකාව හා යුරෝපාන රටවල sri lankan aston tuna නමින් සන්නාමයක් ගොඩනගමින් ඇමෙරිකා හා යුරෝපාන රටවලට, මත්ස්‍යය අපනයනය කරනු ලබයි.
ධීවර ප්‍රජාව ගෙන් මාළු මිලදී ගෙන අපනයනය කරනු ලබන අතර ධීවර ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් කිරීමට අප සීමැක්ස්යතනය. බලාපොරොත්තු වෙන බවද පාලන අධිකාරිය ප්‍රකාශ කළේ ය.
මෙම ආයෝජන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ. නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැවන්ත බාධාවක් පවතින බවද පාලන අධිකාරිය පවසයි. මේ නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමාගේ හා ධීවර විෂය භාර ඇමති රාමලිංගම් චන්ද්‍ර සේකර් හා නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ අවධානය යොමු කර සහනයක් ලබාදෙන හැටියට රටට ඩොලර් ගෙන එමින් රට පෙරට යන ගමනට දායකත්වය සපයන සීමැක්ස්යතනයේ පාලන අධිකාරිය රජයෙන් ඉල්ලා සිටින බව ද ආයතනයේ කලමණාකාරිත්වය ඉලා සිටිති.

