විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත අපරාධ කල්ලි සාමාජිකයකු විසින් එම ආයුධ තොගය ඉතා සූක්ෂම ලෙස කළු පැහැති උරයක අසුරා පාර්සල් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇත.

එහි තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, ටී 56 උණ්ඩ 520 ක්, ටී 56 මැගසින් 3 ක්, මයික්‍රෝවර්ගයේ ගිනි අවියට යොදන මැගසිනයක්, මාංචු කුට්ටමක්, යුද හමුදා ඇදුමක් ද පොලිසිය සොයාගෙන ඇත.

එම උණ්ඩ තොගය කවරවල අසුරා තිබූ අතර ඒවා අලුත්ම උණ්ඩ බවත් එවා යුද හමුදාවෙන් පැන්නූ උණ්ඩ බවට පොලිසිය සැක පළ කරයි.

බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ගත් තොරතුරු මත කෙහෙල්බද්දර පද්මේ ලවා විදේශ රටක සිටින පුද්ගලයකුට දුරකතනයෙන් කතා කරවා මෙම ආයුධ තොගය එම ස්ථානයට ගෙන්වාගෙන තිබූ බව පොලිසිය කියයි.

මෙම ආයුධ තොගය එම ස්ථානයට රැගෙන ආ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

අත්අඩංගුවට ගත් ආයුධ තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා, පොලිස් පරීක්ෂක සුභාෂණ, පොලිස් සැරයන්වරුන් වන (14868) සෝමසිරි, (77930) ගයාන්, පොලිස් කොස්තාපල්වරුන් වන (82728) මනෝජ්, (88617) හෙන්නායක, (80782) පීරිස් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ප්‍රශ්න කරමින් සිටින අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පත්මේ නැමැත්තාගෙන් ලද තොරතුරක් මත පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ආසන්නයේ කුණු ගොඩක ගෙනැවිත් දමා තිබූ ආයුධ තොගයක් ඊයේ (26) සොයාගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි. විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත අපරාධ කල්ලි සාමාජිකයකු විසින් එම ආයුධ තොගය ඉතා සූක්ෂම ලෙස කළු පැහැති උරයක අසුරා පාර්සල් කර තිබියදී පොලිසිය සොයාගෙන ඇත. එහි තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්, රිවෝල්වරයක්, ටී 56 උණ්ඩ 520 ක්, ටී 56 මැගසින් 3 ක්, මයික්‍රෝවර්ගයේ ගිනි අවියට යොදන මැගසිනයක්, මාංචු කුට්ටමක්, යුද හමුදා ඇදුමක් ද පොලිසිය සොයාගෙන ඇත. එම උණ්ඩ තොගය කවරවල අසුරා තිබූ අතර ඒවා අලුත්ම උණ්ඩ බවත් එවා යුද හමුදාවෙන් පැන්නූ උණ්ඩ බවට පොලිසිය සැක පළ කරයි. බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පාතාල නායක කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කර ගත් තොරතුරු මත කෙහෙල්බද්දර පද්මේ ලවා විදේශ රටක සිටින පුද්ගලයකුට දුරකතනයෙන් කතා කරවා මෙම ආයුධ තොගය එම ස්ථානයට ගෙන්වාගෙන තිබූ බව පොලිසිය කියයි. මෙම ආයුධ තොගය එම ස්ථානයට රැගෙන ආ සැකකරුවන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් ආයුධ තොගය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා, පොලිස් පරීක්ෂක සුභාෂණ, පොලිස් සැරයන්වරුන් වන (14868) සෝමසිරි, (77930) ගයාන්, පොලිස් කොස්තාපල්වරුන් වන (82728) මනෝජ්, (88617) හෙන්නායක, (80782) පීරිස් යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Share.
Leave A Reply