🚨 නිලධාරීන් 03 දෙනෙකු 2025.07.14 දින අත්අඩංගුවට!
2025 ජූලි 14 දින, ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්යතමේන්ත්තුවට අදාල නිලධාරීන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී වාහන පැවරීම්, බලතල අතික්‍රමණය සහ රාජ්‍ය සම්පත් වල අවභාවිතය යන චෝදනා මත සිදු වී ඇති බව වාර්තා වේ.
👮♀️ අත්අඩංගුවට ගත් නිලධාරීන්ගේ විස්තර මෙසේය:
🧾 අංක 01
නම: සූරියා ප්‍රියංගනී (හිටපු මෝටර් රථ ප්‍රවාහන සහකාර කොමසාරිස්)
චෝදනාව: නීත්‍යනුකූල නොවන ආකාරයෙන් රාජ්‍ය වාහනයක් පුද්ගලයෙකුට පැවරීම සඳහා අනවැතිය ලබාදීම.
සංදර්භය: ඉහත වාහනය සඳහා අදාළ අනුමැතිය ලබා දීමත්, වර්තමානයේ ජ්‍යෙෂ්ඨ ලේකම්වරියක ලෙස ක්‍රියාත්මකවීමත්
🧾 අංක 02
නම: ආරච්චිගේ සංජීව කුමාර (සංවර්ධන සහකාර – නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්යතමේන්ත්තු කාර්යාලය)
චෝදනාව: අදාළ වාහනය සම්බන්ධයෙන් අනීතික ලෙස මුල් පැවරීම සිදු කිරීම.
🧾 අංක 03
නම: හේරත් පතිරන්නැහැලාගේ ඉන්දික හේරත් (විමර්ශන අංශයේ අධීක්ෂණ නිලධාරි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්යතමේන්ත්තුව)
චෝදනාව: වාහන පැවරීමේදී නීතිවිරෝධී ලෙස නිර්දේශ ලබා දීම.
සංදර්භය: නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
⚖️ නීති ක්‍රියාමාර්ග
මෙම සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන අතර, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
📌 විශේෂ සටහනක් ලෙස:
මෙම නීතිමය කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාදාම ක්‍රියාත්මක වන අතර, එයට අදාළ තොරතුරු නිරන්තරව NEWS AND IMAGE වෙබ් අඩවිය හරහා ඔබට ලබා දෙනු ලැබේ.
📢 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිල පණිවුඩය අනුවයි.
✍️ NEWS AND IMAGE – වෙබ් අඩවිය වෙනුවෙන්,
journalist Nuwan Prasanna Sumanarathna with Yohan Rasindu Uthpala traning journalist www.ewoledu.com

