කෙහෙළෙිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සම්බන්ධයෙන් සිදුකරන අධිකරණ ක්‍රියා මාර් ග දිගින් දිගටම යම් ප්‍රමාදයක් බවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට එරෙහිව බාල ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ දී පැවති නඩුවේ මූලික විම ර් ශන අවසන්ව පවතිද්දී තවදුරටත් නීතිපති දෙපාර්තමේන්තුව අදාළ නඩුවට සම්බන්ධ අධි චෝදනා ගොනු කිරීම දිනෙන් දින ප්‍රමාද වීම සැක සහිත බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව තමන් නීතිපති දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයක දී මේ සම්බන්ධව දැනුවත් කළ ද මේ දක්වා අදාළ ක්‍රියා මා ර් ග  ප්‍රමාද වීම යුක්තිය බලාපොරොත්තු වන මෙරට මහජනතාවට සිදු කරන අසාධාරණයක් බව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

නිසි කාලරාමුවක් තුළදී යුක්තිය පසළීමේ කටයුතු ප්‍රමාද වීම හරහා විත්තිකරුවන්ට වාසියක් ලැබෙන අතර අගතියට පත්වන පා ර් ශවයන්ට දැඩි අසාධාරණයක් ලක්වන බවක් කාලාවරෝධනය සමඟ සාක්ෂිකරුවන් යටපත්වීම නිසා නඩුවක  තීන්දුව ලබාදීමේ දී ප්‍රබල බව හීන වන බව ද ඔහු සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම නඩුව ද ඇතුළ ත්ව නඩු කිහිපයක් කඩිනමින් ගොනු කරන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කරනු ලැබුවේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී බව ඒ මහතා කීයා සිටියේ ය.

ඉදිරි දිනවල දී මෙම අධි චෝදනා ගොනුවීමේ ප්‍රමාදයක් පවතින්නේ නම් යළි නීතිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බව ද වෛද්‍ය චමල් සංජය මහතා සඳහන් කළේය.

එසේම බාල ප්‍රතිජීවක ඖෂධ නිර්වින්දන ඖෂධ වකුගඩු කාන්දු පෙරන දියර සහ අක්ෂි දියර නිසා ආබාධිත වූවන් හා මියගිය වූවන්ට සහන ලබාදීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන මෙන් නොකිරීම ද කණගාටුවට කරුණක් බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධවද ඉදිරි කාලෙදි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply