2025.03.06පොලිස් නිලධාරියෙකු වයස 12 දැරියෙකු ලිංගික අතවර කිරීම පිළිබඳව ළමා හා කාන්තා කා ර් ය්‍යංශයේ උසස් පොලිස් නිලධාරින් එම නිලධාරීයාව ආරක්ෂා කිරීමට එරෙහිව පොලිස් පතිවරයාට පැමිණිලි කිරීමට ඊයේ (06) අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය පියවර ගෙන තිබේ.වයස අවුරුදු 12 ක දැරියකට පොලිස් නිලධාරියෙකු ලිංගික අතවර කිරීම පිළිබඳව පරීක්ෂණ නිසියාකාරව සිදු නොකිරීම පිළිබඳව බරබතල සැකයක් පවතින බවද අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය කියා සිටියේ ය.මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන ලෙස වැඩවලන පොලිස් පති වරයාට ලිඛිතව පැමිණිලි කළ බව අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර පැවසීය.පොලිස් 119 හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් කොස්තාපල් ලසිත චතුරංග යන නිලධාරියා විසින් සිදුකරන ලද බරපතල විසමාචාරී ක්‍රියාවක් වන වයස අවුරුදු 12 ක දැරියකට ලිංගික අතවර කිරීම පිළිබඳව මෙම සැකකාර පොලිස් කොස්තාපල් 19746 ලසිත චතුරංග නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර හා අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසෝක ගුණසේකරගේ මැදිහත් වීමක් ඇති බවත් සැකකරු මේ දක්වා කැඳවා ප්‍රකාශ සටහන් කිරීම ද මගහැර ඇති බව ජාමුණී කමන්ත තුෂාර පැවසීය.2025.02.25 වන දින B/39928/06/25 යටතේ අලුත් කඩේ අංක 06 අධිකරණයට කරුණු වාර් තා කිරීමේ දී කරුණු වසන් කර ඇති බව ද හෙතෙම කීය.ලසිත චතුරංග නිලධාරියාගේ නිල අංකය ඇතුලත් නොකිරීම, රටේ නිතීය අනුව 375 වගන්තිය ප්‍රකාරව මරණය හෝ බරපතල තුවාල කිරීම, බියට පත් කිරීම, ලිංගික කටයුත්තක් සඳහා ළමයෙකු පොළඹවා ගැනීම, ඇවිටිලි කිරීම, බාල වයස්කාර ගැහැණු දරුවන් සමග කාමුක සංස ර්ගයට තැත්කිරීම වරදික් බව පෙනි ගොස් තිබෙන බවද හෙතෙම කීය.නීතිය අනුව සාපරාධී බලහත්කාරය අයුතු ඇතුල්වීම යන චෝදනා ගොනු කිරීමෙන් වැලකී මෙම පොලිස් නිලධාරීයා ආරක්ෂා කීරීමට ළමා හා කාන්තා කාර්යාංශයේ උසස් නිලධාරීන් කටයුතු කර තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසියාකාරව කටයුතු සිදු නොකල රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ජනතාවගේ ආකාල්පය සමබන්ධනේද වැරදි චිත්‍රයක් ඇතිවිය හැකි බවද හෙතෙම කීය.මෙම නව රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ සෑම පුද්ගලයෙකුටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීම බව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල ද දක්නට ඇති බවද ඒ මහතා කීය.ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට ද මෙය කලු පැල්ලමක් බන බවත් එම නිසා මෙම දූෂිත ක්‍රියාවට සහයෝගය දුන් සියළු නිලධාරීන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප සංවිධානය ඉල්ලා සිටින බව ද ඒ මහතා කීය.