අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් අද (23) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා අතුරුදහන්වු නැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ මහේෂ් කටුලන්ද, අතුරුදහන්චූ නැනැත්නන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස් ටී.යොගරාජා, සහ අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ විධායක අධ්යක්ෂ නීතීඥ ජේ.නන්පරන් යන මහන්චරුන් සහභාගී වූහ.




