අද (2026.11.24) දිනයේ දී නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙන්ම ඉන්දියානු සාගරයේ සිදු වූ භූ චලනයක් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් ද අදාළ ආයතන මගින් නිකුත් කර තිබේ.  

නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් 2026.11.24 දින 1600 පැයට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත නිකුත් කර ඇත.   එම නිවේදනයෙහි ඇතුළත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීම් හා පස් කණ්ඩි කඩා වැටීම් සහ අනතුරුදායක ප්‍රදේශ හරහා ගමන් කරන්නන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.   අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී ස්ථානයකට යාමට සූදානම් වන ලෙසත්, ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් දැනුම් දී ඇත.  

ඉන්දියානු සාගරයේ භූ චලනයක්කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මගින් 24/11/2026 දින 05:10 PM ට (නිවේදන අංකය: 01, වර්ණය: සුදු) භූ චලනය සම්බන්ධ නිවේදනයක් නිකුත් කර ඇත. 

Mauritius/Reunion Region ප්‍රදේශයේ (අක්ෂාංශය 17.78S, දේශාංශය 65.82E) අද (24/11/2026) 04:36 PM ට මෙම භූ චලනය සිදු වී ඇති අතර, එහි ප්‍රබලතාවය රිච්ටර් මාපකයේ 6.5ක් ලෙසත් ගැඹුර කිලෝමීටර් 10ක් ලෙසත් දැක්වේ. 

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති අතර, නවතම තොරතුරු සියලු මාධ්‍ය මගින් ජනතාව වෙත නිවේදනය කරනු ලැබේ.  

හදිසි සහාය සහ තොරතුරුආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය, 117 ඇමතුම් මැදිරිය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයන් ජනතාවට සහාය වීම සඳහා 24×7 ක්‍රියාත්මකව පවතී.  

ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන දුරකථන: 011 2136136 / 011 2670070 | Emergency Operations Hotline: 011 2136222 / 011 2670002 | Web: www.dmc.gov.lk   කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය): 011 2686686 | Web: www.meteo.gov.lk

Share.
Leave A Reply