ධනපතියන්ගේ වත්කම් 20%කින් වැඩිවෙයි!
ආර්ථික වර්ධන වේගය 2.3%ක් ලෙස සටහන් වුවද, ජනතාවගේ දෛනික ජීවන යථාර්ථය සහ ආණ්ඩුවේ දත්ත අතර දැඩි පරතරයක් පවතියි.
උද්ධමනය 12%ක් සහ බැංකු පොලිය 30%ක් ලෙස ඉහළ යද්දී සිමෙන්ති කොට්ටයක් රු. 2,700ක් සහ ගඩොල් කැටයක් රු. 300ක් දක්වා ඉහළ ගොස් ඇත.
බහාලුම් 323ක වංචාව සහ ගල් අඟුරු ජාවාරම නිසා රටට සිදුවූ අලාභය බිලියන 22 ඉක්මවයි.
වත්මන් රජයේ ආර්ථික ප්‍රතිපත්ති සහ අයවැය හමුවේ රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දී සිටින බරපතල අර්බුදය සහ අසමතුලිතතාවය පිළිබඳව සමගි ජන බලවේගයේ (SJB) මාධ්‍ය හමුවකදී සංඛ්‍යාත්මක දත්ත හෙළිදරව් කරමින් දැඩි විවේචන එල්ල විය.
අද (20) මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පක්ෂයේ වෘත්තිය සමිති නියෝජිත මහේෂ් සේනානායක මෙසේද කීය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා උපුටා දක්වමින් මෙහිදී අනාවරණය වූ ප්‍රධාන සංඛ්‍යා ලේඛන සහ දත්ත පහත පරිදි වේ:
දුප්පත් – පොහොසත් පරතරය පුළුල් වෙයිරටේ ඉතාම දුප්පත් ජනගහනයෙන් 20%කගේ දුප්පත්කම 19.6%කින් ඉහළ ගොස් ඇති අතර, ඒ සමඟම ඉතාම පෝසත් 20%කගේ වත්කම් ප්‍රමාණය 20%කින් වර්ධනය වී ඇති බව වාර්තා වේ.
එදිනෙදා ජීවත්වන ජනතාව උකස් කරන ලද රන් භාණ්ඩ බේරා ගැනීමට මුළු මුදලින් 30%ක දැවැන්ත මුදලක් ගෙවිය යුතු අමාරුම තත්ත්වයකට පත්ව ඇති අතර, ත්‍රීරෝද රථ, ලොරි සහ කාර් වැනි වාහන මූල්‍ය ආයතනවලට සින්න වීමේ අවදානමකට මුහුණ දී සිටී.
අහස උසට නැගුණු ජීවන වියදම සහ බඩු මිලගෑස් මිල කතාව සම්බන්ධයෙන්ද හෙතෙම මෙසේ කීය.
ලාෆ් (LAUGFS) ගෑස් මිල රුපියල් 6,900 දක්වා ඉහළ දමා පසුව රුපියල් 1,000කින් පමණක් අඩු කිරීම මගින් ජනතාවට සහනයක් ලැබී නැත.
ඉදිකිරීම් සහ දෛනික වියදම් රට හමුවේ ඇති අවුලක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ කීය.
උද්ධමනය 12%ක් සහ බැංකු පොලිය 30%ක් ලෙස පවතින පසුබිමක, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,700ක්, ගඩොල් කැටයක් රුපියල් 300ක්, බාස් කුලිය රුපියල් 6,000ක් සහ දෛනික කම්කරුවෙකුගේ බත් පතක මිල රුපියල් 600ක් දක්වා ඉහළ ගොස් ඇත.
සහල් අර්බුදය ගැන කීවේ මෙසේය.
රුපියල් 185ට තිබූ නාඩු සහල් මිල රුපියල් 220 දක්වා ඉහළ ගොස් ඇති නමුත්, සහල් මාෆියාව පාලනය කිරීමට රජය අසත්වී ඇත.
මූල්‍ය වංචා සහ බිලියන ගණනක අලාභරජයේ වැරදි ක්රියාමාර්ථ සහ වංචා හේතුවෙන් රටට සිදුවූ මූල්‍ය අපරාධ රැසක් මෙහිදී හෙළි විය
බහාලුම් 323ක් නිදහස් කිරීමට ඉඩ සැලැස්වීම සහ ගල් අඟුරු වංචාවක් හරහා වැඩි මිලට ඩීසල් මිලදී ගැනීම නිසා රටට සිදුවූ මූල්‍ය අලාභය බිලියන 18ත් 22ත් අතර අගයක් ගනී.
මීට අමතරව, හිටපු පාලන සමයේ ආර්ථික වර්ධන වේගය 2.3%ක් ලෙස පවත්වා ගනිමින් ණය ප්‍රසාරණය පාලනය කළද, වත්මන් අයවැය මගින් ජනතාවගේ සාක්කු හිස් කරමින් භාණ්ඩාගාරය පුරවා ගන්නා බවට චෝදනා කෙරේ.
පවතින මෙම ආර්ථික පීඩනය හමුවේ දරුවන් පාසල් යැවීමට නොහැකි වීමෙන් සහ බෙහෙත් මිල ඉහළ යාමෙන් වැඩිහිටියන් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත්, රටේ සැබෑ යථාර්ථය තේරුම් ගනිමින් ක්‍රියාත්මක වන ශිෂ්ටසම්පන්න විපක්ෂයක් ලෙස ඉදිරියටත් රජයට බලපෑම් කරන බවත් එම මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණි.

